රාජ්‍ය නාට්‍ය උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් දා පැවැත්වුණා. මෙහිදී හොදම දිගු නාට්‍ය ලෙස සම්මාන දිනාගත්තේ "මෙය තුවක්කුවක් නොවේ". එය අධ්‍යක්ෂණය කළ චමිල ප්‍රියංක හොදම අධ්‍යක්ෂණය සදහා සම්මාන දිනාගත්තා.
දිගු නාට්‍ය අංශයෙන් හොදම නළුවා ලෙස සම්මාන දිනාගත්තේ "සාදය මාරයි සල්ලි හමාරයි" නාට්‍යයේ නෙවිල් ඒ ප්‍රනාන්දුගේ චරිතය නිරූපණය කළ ගිහාන් ප්‍රනාන්දුයි. එම නට්‍යයේම ලලනි ප්‍රනාන්දුගේ චරිතය නිරූපණය කළ ජයනි සේනානායක හොදම නිළිය ලෙස සම්මාන දිනාගත්තා.
දිගු නාට්‍ය අංශයෙන් හොදම නළුනා වූයේ "මෙය තුවක්කුවක් නොවේ" හි පොලිස් භටයා සහ බීමත් මිනිසා චරිත නිරූපණය කළ කණිෂ්ක ප්‍රනාන්දුයි. "චෙරි උයන" නාට්‍යයේ ආන්යාගේ චරිතය නිරූපණය කළ නිපුණි ශාරාදා පතිරගේ හොදම සහය නිළිය ලෙස සම්මාන දිනාගත්තා.
මීට අමතරව "එනිමි - සතුරන්ට එරෙහිව" නාට්‍යයේ කළ රගපෑම වෙනුවෙන් නිල් අලස්ට ද ජූරියේ විශේෂ සම්මානයක් පිරිනැමුණා.
"මෙය තුවක්කුවක් නොවේ" නාට්‍යයේ අවස්ථා කිහිපයක්
"මෙය තුවක්කුවක් නොවේ" නාට්‍යයේ අවස්ථා කිහිපයක්
රාජ්‍ය නාට්‍ය උළලේ සෙසු සම්මානලාභීන්.
- හොදම රංගාලෝකය (කෙටි නාට්‍ය - සිංහල) - ලලිත් හර්ෂ ආතාවුද (ධර්මිෂ්ඨ සමාජක් ගොඩනගමු)
- හොදම රංගාලෝකය (කෙටි නාට්‍ය - දෙමළ) - අජන්තන් ශාන්ත කුමාර් (ඉරුම්බිල් පොර්තිය ඉදයම්)
- හොදම රංගාලෝකය (දිගු නාට්‍ය) - හිරාන් අබේසේකර සහ ලහිරු රත්නායක (මෙය තුවක්කුවක් නොවේ)
- හොදම රංගවස්ත්‍ර නිර්මාණය (කෙටි නාට්‍ය - සිංහල) - කේ.ඩබ්.ටී හිමාෂි (කාටත් හොරෙන්)
- හොදම රංගවස්ත්‍ර නිර්මාණය(කෙටි නාට්‍ය - දෙමළ) - ලීලාවතී සෙල්වරාජ් (ඉරුම්බිල් පොර්තිය ඉදයම්)
- හොදම රංගවස්ත්‍ර නිර්මාණය (දිගු නාට්‍ය) - දිනුෂිකා සෙනවිරත්න, විජිනි දිල්හාරා සහ දිලානි වීරකෝන් (චෙරි උයන)
- හොදම පසුතල නිර්මාණය (කෙටි නාට්‍ය - සිංහල) - කේ.ඩබ්.ටී හිමාෂි (කාටත් හොරෙන්)
- හොදම පසුතල නිර්මාණය (කෙටි නාට්‍ය - දෙමළ) - ටී.අමල් රාජ් (පයනම්)
- හොදම පසුතල නිර්මාණය (දිගු නාට්‍ය) - එල්.කේ.ඩී.වී අමරතුංග, ලක්ෂායි අමරතුංග සහ බියංකා හංසි (මෙය තුවක්කුවක් නොවේ)
- හොදම අංග රචනය (කෙටි නාට්‍ය - සිංහල) - හර්ෂ මංජුල (ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු)
- හොදම අංග රචනය (කෙටි නාට්‍ය - දෙමළ) - ලීලාවතී සෙල්වරාජ් (පරයන්)
- හොදම අංග රචනය (දිගු නාට්‍ය) - උපුල් මහානාම (මෙත්තරා)
- හොදම වේදිකා පරිපාලනය (කෙටි නාට්‍ය - සිංහල) - කේ.ආර් අකලංක ප්‍රභාෂ්වර සහ සමීර කුලතුංග (කාටත් හොරෙන්)
- හොදම වේදිකා පරිපාලනය (කෙටි නාට්‍ය - දෙමළ) - වී. සුදර්ශන් (පයනම්)
- හොදම වේදිකා පරිපාලනය (දිගු නාට්‍ය) - අරුණ ජයසේන (සාදය මාරයි සල්ලි හමාරයි)
- හොදම සංගීත නිර්මාණය (කෙටි නාට්‍ය - සිංහල) - පාලිත අබේරත්න (Be Change)
- හොදම සංගීත නිර්මාණය (කෙටි නාට්‍ය - දෙමළ) - සුමුදු මල්ලවාරච්චි (පරයන්)
- හොදම සංගීත නිර්මාණය (දිගු නාට්‍ය) - ශාන්ත පීරිස් සහ ඉන්ද්‍රජිත් මිරිහාන (මෙත්තරා)
- හොදම රංග වින්‍යාසය (කෙටි නාට්‍ය - සිංහල) - කේ.ඩබ්.ටී හිමාෂි (කාටත් හොරෙන්)
- හොදම රංග වින්‍යාසය (කෙටි නාට්‍ය - දෙමළ) - රාසයියා ලෝගානන්දන් (ඉරුම්බිල් පොර්තිය ඉදයම්)
- හොදම රංග වින්‍යාසය (දිගු නාට්‍ය) - හිරාන් අබේසේකර (මෙය තුවක්කුවක් නොවේ)
- හොදම නළුවා (කෙටි නාට්‍ය - සිංහල) - සරත් කරුණාරත්න (කාටත් හෙරෙන්)
- හොදම නළුවා (කෙටි නාට්‍ය - දෙමළ) - ආර්. ලෝගානන්දන් (පරයන්)
- හොදම නිළිය (කෙටි නාට්‍ය - සිංහල) - පී.එච් කැළුම් කේ ගම්ලත් (කාටත් හොරෙන්)
- හොදම නිළිය (කෙටි නාට්‍ය - දෙමළ) - ලීලාවතී සෙල්වරාජ් (ඉරුම්බිල් පොර්තිය ඉදයම්)
- හොදම නාට්‍ය රචනය (කෙටි නාට්‍ය සිංහල) - එස්.එම් ජූඩ් සමන්ත (ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු)
- හොදම නාට්‍ය රචනය (කෙටි නාට්‍ය - දෙමළ) - ලීලාවතී සෙල්වරාජ් (පරයන්)
- හොදම ස්ව රචනය (දිගු නාට්‍ය) - චමිල ප්‍රියංක (මෙය තුවක්කුවක් නොවේ)
- හොදම කෙටි නාට්‍ය (සිංහල) - කාටත් හොරෙන්
- හොදම කෙටි නාට්‍ය (දෙමළ) - පරයන්
EmoticonEmoticon