Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රන්ජන්ව ඉබින්න ආච්චිලා පෝලිමේ එයි

Sunday, August 30, 2015 0
රන්ජන් රාමනායකව දේශපාලන රැස්වීම්වලදී ආච්චිලා සීයලාත් සිප වැළඳ ගන්න හැටි අපි දැක තිබෙනවා.

ඒවගේම රන්ජන්ගේ හැම රැස්වීමකදීම ආච්චිලා සීයලා එක්ක ෆොටෝ ගහන්නත් වෙනම කාලයක් යොදා ගෙන තිබෙනවා.

"මම ස්ටේජ් එකට නැග්ගම සින්දු 03ක් කියනවා. විනාඩි 20ක් විතර කතා කරනවා. ඊට අමතරව සෙල්ෆි ෆොටෝ ගන්න විනාඩි 15ක් විතර වැය කරනවා. ආච්චිලා සීයලා එක්ක ෆොටෝ ගන්නවා. පොඩි ළමයි බලාගෙන ඉන්නවා. එයාලව වඩාගෙන ෆොටෝ ගන්නවා. ඉතින් ඔය ටික මම අනිවාර්යයෙන්ම කරනවා. "

රන්ජන් රැස්වීම්වලට කාලය වෙන් කළ හැටි කියන්නේ එලෙසයි.

ඒ වගේම ආච්චිලා සීයලා ඉඹින එක රන්ජන් දකින්නේ වෙනත් ආකාරයකට.

"ආච්චිලා සීයලා පුතේ පුතේ කියලා ඉඹින එක නම් හිතාගන්න බෑ. එයාලා මාව ග්‍රහණය කරගත්තේ කොහොමද කියලා මම දන්නේ නෑ. මට අම්මා තාත්තා නැති හින්දද දන්නෙත් නෑ. " යැයි රන්ජන් තමන් හිතන ආකාරය කියනවා.
තමන්ගේ  මව පියා නොමැති නිසා තමයි රන්ජන් රාමනායක එහෙම හිතන්නෙ.

www.nethfm.com ඇසුරෙන්

කිම්ගේ නංගීත් ඇග පෙන්වා ජනප්‍රිය වෙයි

Saturday, August 29, 2015 0
සිරුරේ ආකර්ශනීය හැඩය නිසා ලොව පුරා ප්‍රකටව සිටින රූපවාහිනී නිවේදිකාවක් වන කිම් කාඩේශියන්ගේ සොහොයුරිය කෝල් කාඩේශියන්ද දැන් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන සිටිනවා.  ඊට ආසන්නම හේතුව ඉකුතා පැවති උපන්දින සාදයකදී ඇය ඇගෙන සිටි ඇදුමයි. 

කිම් වගේම කෝල් ද රූපවාහිනී නිවේදිකාවක්. මේ වනවිට 31 වන වියේ පසුවන ඇය ඉකුත් දා සිය පෙම්වතා වන ජේම්ස් හර්ඩ්න්ගේ උපන්දින සාදයට සහභාගී වුණා. එහිදී ඇය ඇද සිටියේ සුදු පැහැති ඇදුමක්. සිරුරේ වැඩි කොටසක් නිරාවරණ වන පරිදී එම ඇදුම නිර්මාණ කර තිබූණා.  

කිම් කාඩ්ශියන් සහ කිම් ගේ හා කෝල්ගේ මව ද මෙම උපන්දින සාදයට පැමිණ සිටියා. ඔවුන් දෙනො ද සැරසී සිටියේ සුදු පැහැති ඇදුම් වලින්. 

කෝල් කාඩේශියන් මීට පෙර පැසි පන්දු ක්‍රීඩකයෙකු සමග විවාහ වී සිටියා. කෙසේ වෙතත් එම විවාහය දික්කසදයකින් කෙලවර වුණා.









කිම් කාඩේශීයන් සාදයට පැමිණී අවස්ථාව






ලෝචනා සැමියා අතහැර එයි

Saturday, August 29, 2015 0
විවාහයෙන් පසු ශ්‍රී ලංකාව අතහැර නෙදර්ලන්තය බලා පිටත්ව ගිය රංගන ශිල්පිණී ලෝචනා ඉමාෂි නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. මීට හේතුව කුමක් දැයි හිරු එෆ් එම් නාලිකාව ඉකුත්දා ලෝචනාගෙන්ම විමසා සිටියා.

"හැමෝම හිතනවා අනේ මෙයා මොකද දන්නේ නැහැ එකපාරටම Husband වත් තියලාතනියම ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇත්තටම Husband නිසාම තමයි මං ලංකාවට ආවේ. මොකද මගේ Husband ගේ නිෂ්පාදන කටයුතු වලින් දායක වුනු පළවෙනි චිත්‍රපටය With You, Without You චිත්‍රපටය 3 වැනිදා අපි හැමෝටම බලන්න අවස්ථාවක් ලබාදෙනවා. ඉතිං එයා මට කරන උදව්වක් විදිහට මට අවස්ථාවක් දුන්නා ඒ ආපු වෙලාවේ නැවතත් කලා කටයුතු කිහිපයකට සම්බන්ධවෙන්න."

නෙදර්ලන්තයේ ජීවිතවීම පිළිබදව ද ලෝචනා අදහස් පල කළේ මේ ආකාරයෙන්....

"ඉතිං ඇත්තටම කියනවා නම් ලංකාවේ ජීවත් වුනාට වඩා හරිම වෙනස් ඒ කියන්නේ මට උදේට නැගිට්ටම තේ එක පවා ළගට ගෙනල්ලා දෙනවා. මට ඒකේ අනිත් පැත්ත වුනේ එහෙට ගියාට පස්සේ. ලසන්ත ගොඩ කාලයක් එයා තිනයම ජීවත් වුන කෙනෙක් වුණාට. මං ගියාට පස්සේ තනිකර එයාගේ වැඩකටයුතු එයා කරන්නේ නැහැ. මම තමයි කරන්න ඕනි. ඉතිං මම හරි ආශාවෙන් කළේ. හැබැයි එහේ තියෙන එකම ප්‍රශ්නේ තමයි යහළුවෝ හරි අඩුයි. ඒක හින්දා වෙන්න ඇති සමහරක් විට ලංකාවට එන්න කිව්වොත් මමත් පැනලා එන්න ඇත්තේ."

සමලිංගික සිනමාවට රුසියාවෙන් බාල්දියක්

Thursday, August 27, 2015 0
රුසියාවේ මොස්කව් හි පැවැත්වීමට නියමිතව තිබූ විකල්ප තේමාවන් මූලික කරගනිමින් නිර්මාණය වූ (රැඩිකල්) චිත‍්‍රපට උළෙලක් එරට ජනාධිපති වැලැදුමීර් පුටින් ගේ මැදිහත්වීමෙන් අවලංගු කර තිබෙනවා. නව නාසිවාදය හා සමලිංගිකත්වය වැනි තේමා යටතේ නිර්මාණය වූ චිත‍්‍රපට මෙහිදී තිරගත කිරීමට නියමිතව තිබූ බවයි විදෙස් වාර්තා පවසන්නේ. මෙම සිනමා උළෙල ආම්භ කිරීමට දින යොදා තිබුණේ ලබන සැප්තැම්බර් 2 වනදාටයි.

ආර්ථික අසීරුතා හේතුවෙන් මෙම චිත‍්‍රපට උළෙලට අරමුදල් ලබාදීමට මොස්කව්හි සංස්කෘතික දෙපාර්තමේන්තුව අකමැති වූ බවද ඇතැම් වාර්තාවල දැක්වෙනවා.  මෙම සිනමා උළෙල වෙනුවට වඩා ථලදායී වෙනත් සිනමා උළෙලක් පැවැත්වීමටද ඔවුන් යෝජනා කර ඇතැයි සදහන්. ඒ අනුව ලබන සැප්තැම්බර් 4 වනදා සිට 7 වනදා තෙක් Festival of Life Affirming Film නමින් වෙනත් නමකින් සහ තේමාවක් මූලික කරගනිමින් සිනමා උළෙලක් පැවැත්වීමට මේ වනවිට සංවිධාන කටයුතු සිදුවෙමන් තිබෙනවා.  

මේ පිළිබදව අදහස් දැක්වූ රුසියානු සිනමා විචාරක යොචෙස්ලව් ෂිම්රොව් (පූර්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සිනමා උළෙලේ සංවිධායකවරයෙක්) ප‍්‍රකාශ කරන්නේ  නව සිනමා උළෙළට දායක වීමට තමන් අකමැති බවයි.

"වසර 12 ක් පුරා මේ සිනමා උළෙළ පැවැත්වෙනවා. Russia-88, Winter’s Path වැනි චිත‍්‍රපට පවා මේ සිනමා උළෙලේදී තිරගත කර තිබෙනවා. පවෙල් බර්ඩින්ගේ Russia-88 අධ්‍යක්ෂණයක් වන චිත‍්‍රපටය රුසියාව තුළ පවතින පසු නාසිවාදීත්වය තේමා කරගනිමින් නිර්මාණය වූ චිත‍්‍රපටයක්. එමෙන්ම, Winter’s Path චිත‍්‍රපටයේ තේමාව වී තිබෙන්නේ ගායකයෙක් සහ වීදියේ ජීවත්වන මැර තරුණයෙක් අතර ඇතිවන සමලිංගික සම්බන්ධතාවයක්. මේ සිනමා උළෙලේදී එවැනි චිත‍්‍රපට පෙන්වීමට අවසරය හිමිවුණා නම් අද එවැනි විකල්ප ධාරාවේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමට නොහැක්කේ ඇයි "


මේනකාගේ සාරාගීම ඒවා (Photos සහිතයි)

Saturday, August 22, 2015 0
රංගන ශිල්පිණී මේනකා මධුවන්තිගේ අලුත්ම ඡායාරූප එකතුවක් "කලාපූර්" වෙත ලැබුණා. විශේෂත්වයක් වන්නේ මෙම ඡායාරූප සදහා මේනකා පෙනී සිටින්නේ ඉතා සරාගි අයුරින්. 

මේනකා මධුවන්ති ටෙලි නාට්‍ය ගණනාවක මෙන්ම චිත්‍රපට කිහිපයක ද රගපා තිබෙනවා. නිරූපිකාවක් ලෙස ද අැය රසික්යන්ගේ ආදරය දිනාගත්තියක්.











කත්‍රිනා ක්‍රිකට් ගහයි

Sunday, August 16, 2015 0

බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ් පහුගිය දවසක ක්‍රිකට් ක්‍රීඩා කරලා. එසේ මෙසේ අය සමග නෙමෙයි ඇය මෙලෙස ක්‍රිකට් ක්‍රීඩා කර ඇත්තේ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජාකයන් සමගයි. ඉර්ෆාන් පතාන් සහ යූසුෆ් පතාන්  ඔවුන්ගෙන් දෙදෙනෛක්. බොලිවුඩ් නළු සහීඩ් කපූර් ද මෙම ක්‍රිකට් සෙල්ලමට එක්වුණා.

" ජහාල්කා ඩික්හලා ජා රීලෝඩ්" නමැති රූපවාහිනී වැඩසටනේදී මෙම ක්‍රිකට් සෙල්ලම සිදුකෙරුණේ.  මෙහිදී කත්‍රිනා පන්දුවට පහරදීම සහ පන්දුයැවීම දෙකම සිදුකර තිබෙනවා. කෙසේ වෙතත් මෙම අවස්ථාව බොහෝසෙයින් විනෝදකාමී වූ බවයි එම වැඩසටහන නැරඹීමට පැමිණී සිටි ප්‍රේක්ෂකයින් පවසා ඇත්තේ.







මම සෑහිමට පත් වෙලා නැහැ

Friday, August 14, 2015 0
රංගන ශිල්පිණී පබෝදා සංදීපනී තමන්ට ලැබුණු අවස්ථාවන් ගැන සෑහිමට පත්වෙන්නේ නෑලු. විශේෂයෙන්ම සිනමාවේ. ඉකුත්දා හිරු එෆ් එම් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියා.

"මම නම් සෑහීමකට පත්වෙන්නේ නැහැ. මොකද මං ආපු කාලවකවානුවේ චිත්‍රපට කෙරුන් නැහැ ගොඩක්. මම නම් ගොඩාක් අඩු චිත්‍රපට ප්‍රමාණයකට තමයි සහභාගි වෙලා තියෙන්නේ. මම හිතනවා ලංකාවට ගොඩක්ම උචිත වාණිජ සිනමාව කියලා. ඒකට තමයි ප්‍රේක්ෂකයන්ගේ ඇදීම වැඩි. ඉතිං මං බලාපොරොත්තු වෙනවා ඉතිං ඉස්සරහටවත් හොද වාණිජ සිනමාවක් හැදෙයි කියලා. මගේ පුතත් දැන් ටික ටික ලොකුවෙනවා. ඉතිං මට තියෙන අවස්ථාවත් සීමිත වෙනවා. ඒක වෙන්න ඉස්සෙල්ලා මට ආරාධනා ලැබුනොත් මම ආසයි ඒවා පුළුවන් උපරිමෙන්ම කරන්න."

පබෝදා පවුලේ උදවියත් සමග විදේශ ගතවීමේ සූදානමක් ඇතැයි ආරංචියක් පැතිර යනවා. 

"ඔව් එහෙමත් හිතාගෙන ඉන්නවා. මොකද පුතා ඉපදුනේ ප්‍රංශයේ. ඉතිං එයාගේ ඉගෙනීමේ කටයුතු මම එහේ තමයි කරන්න හිතාගෙන ඉන්නේ. එයාට ඒකෙන් ලොකු වාසියක් අත්වෙන්න පුළුවන් කියලා හිතෙන හින්දා. බලමු තව අවුරුදු දෙක තුනක් තියෙනවා. හිතලා බලන්න ඕනේ."