Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මම සෑහිමට පත් වෙලා නැහැ

Friday, August 14, 2015
රංගන ශිල්පිණී පබෝදා සංදීපනී තමන්ට ලැබුණු අවස්ථාවන් ගැන සෑහිමට පත්වෙන්නේ නෑලු. විශේෂයෙන්ම සිනමාවේ. ඉකුත්දා හිරු එෆ් එම් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියා.

"මම නම් සෑහීමකට පත්වෙන්නේ නැහැ. මොකද මං ආපු කාලවකවානුවේ චිත්‍රපට කෙරුන් නැහැ ගොඩක්. මම නම් ගොඩාක් අඩු චිත්‍රපට ප්‍රමාණයකට තමයි සහභාගි වෙලා තියෙන්නේ. මම හිතනවා ලංකාවට ගොඩක්ම උචිත වාණිජ සිනමාව කියලා. ඒකට තමයි ප්‍රේක්ෂකයන්ගේ ඇදීම වැඩි. ඉතිං මං බලාපොරොත්තු වෙනවා ඉතිං ඉස්සරහටවත් හොද වාණිජ සිනමාවක් හැදෙයි කියලා. මගේ පුතත් දැන් ටික ටික ලොකුවෙනවා. ඉතිං මට තියෙන අවස්ථාවත් සීමිත වෙනවා. ඒක වෙන්න ඉස්සෙල්ලා මට ආරාධනා ලැබුනොත් මම ආසයි ඒවා පුළුවන් උපරිමෙන්ම කරන්න."

පබෝදා පවුලේ උදවියත් සමග විදේශ ගතවීමේ සූදානමක් ඇතැයි ආරංචියක් පැතිර යනවා. 

"ඔව් එහෙමත් හිතාගෙන ඉන්නවා. මොකද පුතා ඉපදුනේ ප්‍රංශයේ. ඉතිං එයාගේ ඉගෙනීමේ කටයුතු මම එහේ තමයි කරන්න හිතාගෙන ඉන්නේ. එයාට ඒකෙන් ලොකු වාසියක් අත්වෙන්න පුළුවන් කියලා හිතෙන හින්දා. බලමු තව අවුරුදු දෙක තුනක් තියෙනවා. හිතලා බලන්න ඕනේ."


තවත් කලා පුවත්

Previous
Next Post »