Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ප්‍රේමකීර්ති ඝාතකයා දැන් ලොකු පුටුවක

Saturday, August 02, 2014
ශ්‍රී ලංකාවේ බිහිවු විශිෂ්ටතම මාධ්‍යවේදියෙකු හා ගීත රචකයෙකු ද වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැන් නැවත වරක් කථාබහක් ඇතිවී තිබෙනවා. ඒ මහතාගේ 25 වන ගුණසමරුව යෙදී තිබුණු පෙරේදා දිනයේදී ඔහුගේ භාර්යාව වන නිර්මලා ද අල්විස් මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කරන ලදැයි කියන ඉල්ලීමක් ඊට හේතුවයි. කොළඹ 07 රූපවාහිනී සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව පිහිටි පරිශ්‍ර අතර මාර්ගය ප්‍රේමකීර්ති නමින් නම් කිරීම ද එදින සිදුවුණා. ඊට සමගාමීව "ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයට ගෙදුරුවූවන්" නමින් ප්‍රදර්ණයක් ද සංවිධාන කර තිබූ අතර එයින් ඉඟි කර තිබුණේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කෙරුණු බවයි. නමුත් එම අපරාධයට තමන් සම්බන්ධ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටල්වින් සිල්වා මහතා කියා සිටියා. ප්‍රේමකීර්තිගේ භාර්යාව වන නිර්මලා අල්විස් මහත්මිය ද ඒ බව පිළිගෙන සිටින බවයි කොළඹ ඊයේ (ආගෝස්තු 01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුටත් කියා සිටියේ.1988/89 භිෂණ සමයේ වෙනත් අය කළ සැසැකිම් ද තමන්ගේ ගිණුමට බැරවී ඇතැයි කී ටිල්වින් සිල්වා මහතා ප්‍රේමකීර්ති ඝාතනයේ සැබෑ වරදකරුවෙකු මේ වනවිට රාජ්‍ය මාධ්‍ය ආයතයක ලොකු පුටුවක වැජබෙන බව ද කියා සිටියා.
මේ අතර නිර්මලා ද අල්විස් මහත්මිය පවසන්නේ සිය සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු එක්කර තමන් පොතක් සකසා ඇති බවයි. පෙරේදා පැවති ගුණසමරුවට තමන් සහභාගී වූයේ එම පොතද රැගෙන බවත් එහිදී තමන් එය ජනාධිපතිවරයාට පෙන්වූ බවත් ඇය බී බී සී ලෝකසේවයට ප්‍රකාශ කර තිබෙනවා. සිය සැමියාගේ ඝාතනය පිටුපස ජනතා විමුක්ති පෙරමුණ නොව වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වී ඇති බවයි එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

තවත් කලා පුවත්

Previous
Next Post »