Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නිරුවත පෙන්වූවාට අමීර් ඛාන්ට නඩුවක්

Monday, August 04, 2014
බොලිවුඩ් රංගන ශිල්පී අමීර් ඛාන්ට එරෙහිව නීතීඥවරයෙකු එරට අධිකරණයක නඩුවක් පවරා තිබෙනවා. ඒ චිත්‍රපටක පූර්ව ප්‍රචාරක පොස්ටරයක් සදහා නිරුවත්ව පෙනීසිටි බවට චෝදනා කරමින්. PK ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ලබන දෙසැම්බර් මාසයේදී තිරගතවීමට නියමිතයි. අමීර් ඛාන් එහිදී රගපාන්නේ පිටසක්වල ජීවියෙකුගේ චරිතයක්. අදාල මතභේදාත්මක පොස්ටරයේදී ඔහු සම්පූර්ණයෙන් නිරුවත් පෙනීසිටින අතර රහස් ප්‍රදේශය පමණක් රේඩියෝවකින්  ආවරණය කරගෙන සිටිනවා. පැමිණිලිකාර නීතීඥවරයා මනෝජ් ඩික්සිත් නමැත්තෙක්. අමීර් ඛාන් යනු සමාජයට බලපෑමක් කළ හැකි තැනැත්තෙකු බව ද ඔහු පෝස්ටරයක නිරුවත්ව පෙනීසිටීමෙන් සෙසු තරුණයන්ද එවැනි අශෝබන හැසිරීම්වලට පෙළබෙනු ඇතැයිද එය ලිංගික අපයෝජන වැඩිවීමට පවා හේතුවක් විය හැකි බව ද අදාළ පැමිණිල්ලේ දැක්වෙනවා. අමීර් ඛාන් මෙන්ම  PK චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයාද එහි විත්තිකරුවන් ලෙස නම් කර ඇති අතර මෙම නඩුව ලබන 07 වනදා විභාගයට ගැනීමට නියමිතයි.


තවත් කලා පුවත්

Previous
Next Post »