Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බැට්මින්ටන් ආදරය ථලදරයි - රොෂාන් යුගදිවියට

Friday, August 01, 2014

රංගන ශිල්පී රොෂාන් රණවන අද යුගදිවියට එලැබියා. ඔහුගේ අතගත් මනාලිය වූයේ කුෂ්ලානී ප්‍රනාන්දුයි. වත්තල පදිංචිකාරියක් වන ඇය අන්තර්ජාතික ආයතනයක වරලත් ගණකාධිකාරීවරියක් ලෙස කටයුතු කරනවා. දැන් වසර 11 ක් පිරෙන රොෂාන් - කුෂ්ලානි ප්‍රේම කථාව මුලින්ම පටන්ගෙන තිබෙන්නේ බැටිමිටන් ගහන්න ගිහිංලු. කුෂ්ලානිගේ ගෙවල් තියෙන්නේ රොෂාන් අච්චගේ ගෙවල් කිට්ටුව. පුංචි කාලේ නිතරම වගේ රොෂාන් අච්චිලගේ ගෙදර යනවලු. ඒ අතර අහල පහල හැම දෙනාම බැට්මින්ටන් සෙල්ලම් කරන්න කුෂ්ලානිගේ ගෙදරට එකතු වෙනවලු. පස්සේ පස්සේ මේ පිරිසත් එක්ක රොෂානුත් එකතු වෙලා. දෙන්න එක්ක කථා බහ කරන්න පටන්ගෙන. ඔන්න ඔය කථා බහ තමයි කල් යද්දි ආදරේකට පෙරලිලා තියෙන්නේ. එැබැයි දෙන්නගේ ආගම වෙනස්. රොෂාන් බෞද්ධයෙක්. කුෂ්ලානි කතෝලික. කෙසේ වෙතත් දෙන්නගේ අද පැවති විවාහ මංගල්‍ය පැවැත්වුණේ සිංහල බෞද්ධ චාරිත්‍ර අනුවයි. ඒක මේ දෙන්න සිය ප්‍රේම සම්බන්ධයේ මුල් කාලයේදීම එලැබි එකගතාවක් බවයි "කලාපූර්" අපට ආරංචි වුණේ.


මෙම විවාහ මංගල්‍යයේ තවත් ඡායාරූප ළඟදීම බලාපොරොත්තු වන්න

තවත් කලා පුවත්

Previous
Next Post »