Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බ්‍රසීල කතක් කොන්ඩමයෙන් දාපු වැඩ

Friday, August 01, 2014
අලුත් අලුත් ඇදුම් විලාසිතා දකින්නත් ඒවා අත්හදා බලන්නත් ඇතැම් අය බොහෝම කැමතියි. සාමන්‍යයෙන් ඇදුම් මහන්නේ රෙදි වලින් වුණත් සමහර විට වෙනත් ද්‍රව්‍ය යොදාගෙනත් ඇදුම් විලාසිතා නිර්මාණ කෙරනෙවා. එවැනි තරමක් වෙනස් විලාසිතා දැක්මක් පසුගියදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වුණා. එහි විශේෂත්වය වු‍ණේ එහිදී ඉදිරිපත් කෙරුණු සෑම ඇදුම් විලාසිතාවක්ම "කොන්ඩම" යොදාගෙන නිර්මාණ කර තිබීමයි. මෙම ප්‍රදර්ශණය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේදි වුණත් අදාලා අැදුම් විලාසිතා නිර්මාණ කර තිබුණේ නම් බ්‍රසීල ජාතික කාන්තාවන් වන දැනට 43 වන වියේ පසුවන Adriana Bertini (ඒඩ්‍රියානා බාර්ටීනි) විසින්. මාරාන්තික AIDS රෝගය ගැනත් එයින් ආරක්ෂා වීමේ උපක්‍රම ගැනත් ලොව පුරා උනන්දුවක් ඇතිකරවීම සිය අපේක්ෂාව බව ඇය කියා සිටියා. ඒ අනුව "කොන්ඩම" යොදාගෙන කෙරුණු සිය ඇදුම් විලාසිතා ද රැගෙන ලෝකයේ අනෙක් රටවලටත් යන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. 
AIDS රෝගය වැළදෙන්නේ HIV හෙවත් HI වෛරසයෙන්. අනාරක්ෂිත ලිංගික ක්‍රියා හෝ අසාධිතයෙකුගේ රුධිරය වෙනත් ක්‍රමයකින් නිරෝගී අයෙකුගේ රුධිරය සමග මිශ්‍ර වීමෙන් මෙම වෛරසය ශරීරගත විය හැකියි.







තවත් කලා පුවත්

Previous
Next Post »