Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලෝචනා සැමියා අතහැර එයි

Saturday, August 29, 2015
විවාහයෙන් පසු ශ්‍රී ලංකාව අතහැර නෙදර්ලන්තය බලා පිටත්ව ගිය රංගන ශිල්පිණී ලෝචනා ඉමාෂි නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. මීට හේතුව කුමක් දැයි හිරු එෆ් එම් නාලිකාව ඉකුත්දා ලෝචනාගෙන්ම විමසා සිටියා.

"හැමෝම හිතනවා අනේ මෙයා මොකද දන්නේ නැහැ එකපාරටම Husband වත් තියලාතනියම ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇත්තටම Husband නිසාම තමයි මං ලංකාවට ආවේ. මොකද මගේ Husband ගේ නිෂ්පාදන කටයුතු වලින් දායක වුනු පළවෙනි චිත්‍රපටය With You, Without You චිත්‍රපටය 3 වැනිදා අපි හැමෝටම බලන්න අවස්ථාවක් ලබාදෙනවා. ඉතිං එයා මට කරන උදව්වක් විදිහට මට අවස්ථාවක් දුන්නා ඒ ආපු වෙලාවේ නැවතත් කලා කටයුතු කිහිපයකට සම්බන්ධවෙන්න."

නෙදර්ලන්තයේ ජීවිතවීම පිළිබදව ද ලෝචනා අදහස් පල කළේ මේ ආකාරයෙන්....

"ඉතිං ඇත්තටම කියනවා නම් ලංකාවේ ජීවත් වුනාට වඩා හරිම වෙනස් ඒ කියන්නේ මට උදේට නැගිට්ටම තේ එක පවා ළගට ගෙනල්ලා දෙනවා. මට ඒකේ අනිත් පැත්ත වුනේ එහෙට ගියාට පස්සේ. ලසන්ත ගොඩ කාලයක් එයා තිනයම ජීවත් වුන කෙනෙක් වුණාට. මං ගියාට පස්සේ තනිකර එයාගේ වැඩකටයුතු එයා කරන්නේ නැහැ. මම තමයි කරන්න ඕනි. ඉතිං මම හරි ආශාවෙන් කළේ. හැබැයි එහේ තියෙන එකම ප්‍රශ්නේ තමයි යහළුවෝ හරි අඩුයි. ඒක හින්දා වෙන්න ඇති සමහරක් විට ලංකාවට එන්න කිව්වොත් මමත් පැනලා එන්න ඇත්තේ."

තවත් කලා පුවත්

Previous
Next Post »