Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සමලිංගික සිනමාවට රුසියාවෙන් බාල්දියක්

Thursday, August 27, 2015
රුසියාවේ මොස්කව් හි පැවැත්වීමට නියමිතව තිබූ විකල්ප තේමාවන් මූලික කරගනිමින් නිර්මාණය වූ (රැඩිකල්) චිත‍්‍රපට උළෙලක් එරට ජනාධිපති වැලැදුමීර් පුටින් ගේ මැදිහත්වීමෙන් අවලංගු කර තිබෙනවා. නව නාසිවාදය හා සමලිංගිකත්වය වැනි තේමා යටතේ නිර්මාණය වූ චිත‍්‍රපට මෙහිදී තිරගත කිරීමට නියමිතව තිබූ බවයි විදෙස් වාර්තා පවසන්නේ. මෙම සිනමා උළෙල ආම්භ කිරීමට දින යොදා තිබුණේ ලබන සැප්තැම්බර් 2 වනදාටයි.

ආර්ථික අසීරුතා හේතුවෙන් මෙම චිත‍්‍රපට උළෙලට අරමුදල් ලබාදීමට මොස්කව්හි සංස්කෘතික දෙපාර්තමේන්තුව අකමැති වූ බවද ඇතැම් වාර්තාවල දැක්වෙනවා.  මෙම සිනමා උළෙල වෙනුවට වඩා ථලදායී වෙනත් සිනමා උළෙලක් පැවැත්වීමටද ඔවුන් යෝජනා කර ඇතැයි සදහන්. ඒ අනුව ලබන සැප්තැම්බර් 4 වනදා සිට 7 වනදා තෙක් Festival of Life Affirming Film නමින් වෙනත් නමකින් සහ තේමාවක් මූලික කරගනිමින් සිනමා උළෙලක් පැවැත්වීමට මේ වනවිට සංවිධාන කටයුතු සිදුවෙමන් තිබෙනවා.  

මේ පිළිබදව අදහස් දැක්වූ රුසියානු සිනමා විචාරක යොචෙස්ලව් ෂිම්රොව් (පූර්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සිනමා උළෙලේ සංවිධායකවරයෙක්) ප‍්‍රකාශ කරන්නේ  නව සිනමා උළෙළට දායක වීමට තමන් අකමැති බවයි.

"වසර 12 ක් පුරා මේ සිනමා උළෙළ පැවැත්වෙනවා. Russia-88, Winter’s Path වැනි චිත‍්‍රපට පවා මේ සිනමා උළෙලේදී තිරගත කර තිබෙනවා. පවෙල් බර්ඩින්ගේ Russia-88 අධ්‍යක්ෂණයක් වන චිත‍්‍රපටය රුසියාව තුළ පවතින පසු නාසිවාදීත්වය තේමා කරගනිමින් නිර්මාණය වූ චිත‍්‍රපටයක්. එමෙන්ම, Winter’s Path චිත‍්‍රපටයේ තේමාව වී තිබෙන්නේ ගායකයෙක් සහ වීදියේ ජීවත්වන මැර තරුණයෙක් අතර ඇතිවන සමලිංගික සම්බන්ධතාවයක්. මේ සිනමා උළෙලේදී එවැනි චිත‍්‍රපට පෙන්වීමට අවසරය හිමිවුණා නම් අද එවැනි විකල්ප ධාරාවේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමට නොහැක්කේ ඇයි "


තවත් කලා පුවත්

Previous
Next Post »