Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නෙහාරා‍ගේ මොන්ටිසෝරි කෝස් එක ඉවරයි

Saturday, October 18, 2014
රංගන ශිල්පිණී නෙහාරා පීරිස් පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලවක් හදාරා අවසන් කර තිබෙනවා. ඒ පිළිබද කළ විමසීමකදී නොහාරා කියා සිටියේ රගපෑම හැමදාම කළ නොහැකි බවයි. ඒ නිසා අවශ්‍ය වූ අවස්ථාවක වෙනත් වෘත්තියක් ආරම්භ කිරීම සදහා සූදානමක් තිබිය යුතු බව ද ඇය කියා සිටියා. තමන් පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලවක් හැදෑරුවේද ඒ නිසා බවයි නෙහාරා වැඩිදුරටත් පැවසුවේ. 
මේනක රාජපක්ෂ සමග ගත කරන අළුත් ජීවිතය පිළිබදව ද නෙහාරා අප සමග කථා කලා. ඇය කියා සිටියේ මෙම අළුත් ජීවිතය තමන් ගත කරන්නේ ඉතාම සතුටින් බවයි.  තමන්ගේ කලින් ජීවිතය ගැන ඉදහිටවත් තමන්ට සිහි නොවන බව ද ඇය පැවසුවා. කොහොම උණත් මේනක වෙනක් නිළියන් සමග පෙම් ජවනිකාවල පෙනීසිටිද්දී නම් තමන්ට ටිකක් දුකක් හා ඊර්ෂ්‍යාක් ඇතිවන බවයි නෙහාරා වැඩිදුරටත් පැවසුවේ.















තවත් කලා පුවත්

Previous
Next Post »