Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"දිල්" ආයෙත් එනවලු

Monday, October 20, 2014
අමීර් ඛාන් සහා මධුරි ඩික්සිත් රඟපෑ "දිල්" චිත්‍රපටය ඉන්දියාවේ වගේම ශ්‍රි ලංකාවෙත් අතිශය ජනප්‍රිය වුණා. 1990 දී මුල්වරට තිරගත කෙරුණු මෙම චිත්‍රපටය අළුත් මුහුණුවරකින් "දිල් 2 " ලෙස නැවත නිෂ්පාදනය කිරීමට එහි අධ්‍යක්ෂවරයා වන ඉන්ද්‍ර කුමාර් සූදානම් වනවා. කෙසේවතත් එදා අමීර් ඛාන් රඟපෑ චරිතයට නැවත ඔහුවම යොදාගැනීමට නම් නොහැකි බවයි ඉන්ද්‍ර කුමාර් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ. අමීර් දැන් වයසින් මුහුකුරා ගොස් සිටීම ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණා. ඉතිං වෙනත් රංගන ශිල්පියෙකු යොදාගනිමින් අදාළ චරිතයට සාධාරණයක් ඉටුකිරීමට හැකිවේදැයි තමන් විමසා බලන බවයි ඉන්ද්‍ර කුමාර් වැඩිදුරටත් පැවසුවේ. 

තවත් කලා පුවත්

Previous
Next Post »