Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මියගියත් ආදායම් උපදන කලාකරුවන් අතර මයිකල් ජැක්සන් අංක 01 ට

Monday, October 20, 2014
ගායනයෙන් මෙන්ම නර්තනයෙන් ද ලෝකය වසඟ කර ගැනීමට මයිකල් ජැක්සන් සමත් වුණා. ඔහු මියගියේ මීට වසර 5කට පෙරාතුවයි. එහෙත් මරණනින් පසුවත් ඔහුගේ ගීත ඇල්බම දෙකක් අලූතින් එළිදැක්වුණා. එ්වායින් එකක් Xscape. මයිකල් ජැක්සන් ජීවත්ව සිටියදී එළිදැක් වූ ගීත ඇල්බම තරමට ඔහුගේ මරණයෙන් පසුව එළිදැක්වුණු මෙම ගීත ඇල්බමද ජනපි‍්‍රය වුණා. එ් විතරක් නෙවෙයි අලූත්ම ප‍්‍රවෘත්තිය තමයි මරණයෙන් පසු වැඩිම ආදායම් උපදවන කලාකරුවන් අතර අංක එක ස්ථානය දිනා ගැනීමටත් මයිකල් ජැක්සන් නැවත සමත්ව සිටින බව. මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ අමෙරිකාවේ සුපක‍්‍රට ෆෝබ්ස් සඟරාව විසින්. ඊට අනුව ඉකුත් වසරේදී මයිකල් ජැක්සන් උපදවා ඇති ආදායම ආසන්න අමෙරිකානු ඩොලර් මිලියන 140ක් වනවා. ශී‍්‍ර ලංකා මුදලින් නම් එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 1820ක්. 

ආදායම් උපදවන කලාකරුවන් අතර ලෝකයේ දෙවන තැන ගායන ශිල්පී එල්විස් ප්‍රෙස්ලිට හිමිව තිබෙනවා.  1977 වසරේදී මියගිය ඔහු ඉකුත් වසරේ දී ඔහු උපදවා ඇති ආදායම අමෙරිකානු ඩොලර් 53ක්. ශී‍්‍ර ලංකා මුදලින් නම් ආසන්න වශයෙන් රුපියල් කෝටි 689ක්.

අමෙරිකාවේ සුප‍්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව මෙම ලැයිස්තුවේ 3 වැනි තැන හිමිව තිබෙන්නේ කාටූන් චිත‍්‍ර ශිල්පියෙකු වූ චාල්ස් ෂූල්ස්ටයි. මීට වසර 14කට පෙර මියගිය ඔහු ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 40ක් හෙවත් ශී‍්‍ර ලංකා මුදලින් නම් රුපියල් කෝටි 520ක පමණ ආදායමක් උපදවා තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »