Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඔස්කා උළලේදී නිළියකගේ ගවුම නැතිවෙයි

Monday, March 02, 2015
ලෝක සිනමාවේ මහා මංගල්‍ය ලෙස සැලකෙන ඔස්කා සිනමා සම්මාන උළෙල  අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී හොලිවුඩ් ඩොල්බි ශාලාවේදී  ඉකුත්දා පැවැත්වුණා. ඒ අතරතුර සිදුවූ සොරකමක් පිළිබදවයි මේ ප්‍රවෘත්තිය. කෙන්යානු රංගන ශිල්පිණියක වන ලුපීටා නයන්ගෝ (Lupita Nyono)ගේ ගවුමක් මෙලස සොරකමට ලක්ව තිබෙනවා. සුදු පැහැති මුතු 6000 ක් යොදා සියුම්ව නිර්මාණය කර තිබුණු මෙම ගවුමේ වටිනාකම අමෙරිකානු ඩොලර් 150,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින්  ආසන්න වශයෙන් රුපියල් කෝටි 2 ක්. ලුපීටා නයන්ගෝ ඇගේ කාමරයේ නොසිටි අවස්ථාවක අදාළ සොකරම සිදුව තිබෙනවා. සැකකරුවන් කිසිවෙකු මෙතෙක් හදුනාගෙන නැහැ.

මෙවර ඔස්කා සිනමා සම්මාන උළලේ ප්‍රධාන නිවේදිකාව වුයේද ලුපීටා නයන්ගෝයි. 12 Years a Slave චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් ඉකුත් වසරේ දී හොදම සහය නිළිය ලෙස ඔස්කා සම්මානය ද දිනාගත් ඇය සුප්‍රකට People's සඟරවට අනුව ඉකුත් වසරේ ලොව සුන්දරම කාන්තාව ද වුණා.

පහත දැක්වෙන්නේ මෙවර ඔස්කා සිනමා සම්මාන උළලේදි ලුපීටා නයන්ගෝ සොරකමට ලක්වූ ගවුමෙන් සැරසී සිට අවස්ථායි...... 


ලුපීටා නයන්ගෝ ඉකුත් වසරේ දී හොදම සහය නිළිය ලෙස ඔස්කා සම්මානය දිනාගත් අවස්ථාව......



තවත් කලා පුවත්

Previous
Next Post »