Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

චිත‍්‍රපටයකට එරෙහිව මඩකලපුවේ උද්ඝෝෂණයක්

Friday, July 17, 2015
ලොව පුරා අද තිරගතවීම ආරම්භ කළ ‘‘මාරී’’ දමිළ චිත‍්‍රපටයට විරෝධය පළ කරමින් මඩකලපුවවේදී අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. මඩකලපුව මහත්මාගාන්ධි චතුරස‍්‍රය ඉදිරිපිට සිට ඔරලෝසු කණුව දක්වා පා ගමනිකින් ගිය උද්ඝෝෂකයන් සිය උද්ඝෝෂණය සිදු කළේ එහි සිටයි. 

"මාරී" දමිළ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතේ රඟන ධනුෂ්ගේ පිළිරුවකට සෙරප්පු මාලයක් පැළඳවීමට ද උද්ඝෝෂකයන් කටයුතු කළා. එහිදී ප‍්‍රකාශ කෙරුණේ මෙම චිත‍්‍රපටය දුම්බීම සහ මත්ද්‍රව්‍ය භාවිතය දිරි ගන්වන බවයි. ඒ නිසා ශ්‍රි ලංකාවේ එය ප්‍රදර්ශනය නොකළ යුකු බව ද උද්ඝෝෂකයන් කියා සිටියා.

"මාරී" චිත‍්‍රපටය බාලජී මොහාන් විසින් අධ්‍යක්‍ෂණය කර තිබෙනවා.  මේ සදහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 30 ක්.



තවත් කලා පුවත්

Previous
Next Post »