Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

COINS 2014 සිනමා උළෙල ඇරඹෙයි

Friday, April 04, 2014
කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය සිනමා උළෙල හෙවත් ‘‘ කොයින්ස් 2014’’ චිත‍්‍රපට උළෙල ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද ආරම්භ වුණා. දින 03ක් පැවැත්වෙන එම චිත‍්‍රපට උළලේ දී කෙටි චිත‍්‍රපට 40ක් ප‍්‍රදර්ශනය කිරීමට නියමිතයි. චීනය, හොංකොං, ඉන්දියාව සහ අමෙරිකාව ඇතුළු විදෙස් රටවලින් ද ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයින්ගෙන් ද ලැබුණු චිත‍්‍රපට 250කට ආසන්න සංඛ්‍යාවකින් ඒවා තෝරාගෙන තිබෙනවා. 
මෙම චිත‍්‍රපට උළෙලට සමගාමීව ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ සිනමා කෞතුකාගාරයක් ද පිහිටුවා තිබෙනවා. සිනමාවේ විකාශනය සිදුවු ආකාරය එයින් නිරූපණය කෙරෙන බවයි ධනුෂ්ක ගුණතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ. අවසන් සම්මාන ප‍්‍රදානය අනිද්දා සිදු කෙරෙනවා. 

මෙම සිනමා උළලේ දී ප්‍රදර්ශනය කෙරෙන කෙටි චිත්‍රපට හා ඒවා තිරගත කෙරෙන වේලාව දැනගැනීමට මෙතන ක්ලික් කරන්න.......

Click Hear



තවත් කලා පුවත්

Previous
Next Post »