Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සල්මාන් ඛාන්ට අධිකරණයේදී වෙච්චි දේ

Friday, March 27, 2015
2002 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් බොලිවුඩ් රංගන ශිල්පී සල්මාන් ඛාන් අද (මාර්තු 27) මුම්බායි අධිකරණය වෙත කැදවා සිටි බව "කලාපූර්" මීට පෙර වාර්තා කළා. ඉන්දියාවෙන් ලැබෙන අළුත්ම වාර්තාවල දැක්වෙන්නේ අධිකරණය විසින් පැයක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනුනු බවයි. රිය අනතුර සිදු කළ මෝටර් රථය තමන් විසින් ධාවනය නොකළ බවත් එය ධාවනය කළේ තම රියදුරා විසින් බවත් සල්මාන් ඛාන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. අදාළ අවස්ථාවේ තමන් බීමත්ව සිටි බවට එල්ල වන චෝදනාද සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් අනතුර සිදුවූ අවස්ථාවේ සල්මාන් ඛාන් ඉතා කළබලයෙන් මෝටර් රථයේ රියදුරු අසුන ළඟ දොරටුවෙන් ඉවතට පනිනු තමන් දුටුවේ යැයි පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු කියා සිටියා. ඒ පිළිබඳ කළ විමසීමකදී සල්මාන් ඛාන් පැවසුවේ අනතුර සිදුවීමත් සමග තමන් සිටි පැත්තේ දොරටුව අඟුලු වැටුණු බවයි. ඒ නිසා තමන් රියදුරු අසුන ළඟ දොරටුවෙන් ඉවතට පැමිණි බව ද ඔහු කියා සිටියා.

මේ අතර නිතීඥවරුන් පවසන්නේ අදාළ රිය අනතුර සම්බන්යෙන් සල්මාන් ඛාන්ට පවරා ඇත්තේ අපාරාධ නඩුවක් බවයි. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වන චෝදනාවක් ද ඔහුට එරෙහි චෝදනා පත්‍රයේ ඇතුලත් වනවා. ඒ සම්බන්ධයෙන් වරදකරු උවහොත් සල්මාන් ඛාන්ට වසර 10 ක් සිරදඬුවමක් නියම කෙරෙනු ඇති.


තවත් කලා පුවත්

Previous
Next Post »