Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ප්‍රතිභා රහසක් හෙළිකරයි

Saturday, July 12, 2014
ඉකුත්දා යුගදිවියට එලැබි රංගන ශිල්පිණී ප්‍රතිභා හෙට්ටිආරච්චි සිය ආදර කථාවේ සුලමුල "කලාපූර්" වෙත හෙළිකලා. ඇගේ අතගත් මනාලයා වූයේ වෙනුර වල්පිටයි. ඔහු පෞද්ගලික ආයතනයක කළමණාකරුවෙක්. තමන්ට වෙනුර මුණගැසුණේ විවාහ යෝජනාවකින් බව ප්‍රතිභා කියාසිටියා. එම විවාහ යෝජනාව රැගෙන විත් ඇත්තේ සිය මවගේ මිතුරෙකු බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. තමන්ගේ හිතේ ඇදී තිබූ රූපය වෙනුර හා සමාන බව ද එමෙන්ම ඔහු කලාවට බෙහෙවින් ලැදි නිසාත් දැන උගත් නිසාත් සෙසු යේජනා අතරින් තමන් වෙනුරට කැමති වූ බව ද ප්‍රතිභා පවසනවා. වෙනුරගේ රූපයේ වඩාත්ම සිත්ගත් කරුණ ලෙස ඇය කියාසිටියේ ඔහුගේ උසයි. 
ප්‍රතිභා සහ වෙනුර මුලින්ම හමුවී ඇත්තේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී. කිසියම් සාදයක් සදහා අය සිය මව්පියන් සමග එම හෝටලයට ගොස් තිබෙනවා. වෙනුරද ඒ සදහා පැමිණ ඇති අතර දෙදෙනා බොහෝවේලාවක් එකිනෙකා සමග කතාකර තිබෙනවා. හැබැයි වෙනුර තමන් එක්ක කතා කලාට වැඩියෙන් තමන්ගේ මව්පියන් සමග කතාකල බවයි ප්‍රතිභා නම් පවසන්නේ. තවද මෙම සාදය සදහා වෙනුර පැමිණ ඇත්තේ ඔහු ප්‍රතිභාට කැමති නම් ඔහුගේ විසිටින් කාඩ්පත ඇයට ලබාදෙන බව සිය මවට පවසායි. ඒ කියූ පරිදීම වෙනුර ඔහුගේ විසිටින් කාඩ්පත පුතිභාට ලබාදී තිබෙනවා. පසුව ඔහුගේ මව සි නිවසට කතාකර ඔහු තමන්ට කැමතියැයි සිය මවට දැනුම් දුන් බවයි ප්‍රතිභා පවසන්නේ. තමන්ද ඔහු කෙරේ ඇතිවූ කැමැත්ත තම මව්පියන්ට ප්‍රකාශ කළ බවත් වෙනුර තමන්ට දුරකතනයෙන් කථ කිරීමට පටන්ගත්තේ ඉන් අනතුරුව බව ද එතැන් සිට දෙදෙනාගේ ආදරය ක්‍රමයෙන් දලුලෑ බවද ඇය "කලාපූර්" වෙත හෙළිකලා. 



තවත් කලා පුවත්

Previous
Next Post »