Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජැක්ලීන්ට දෙකක් මැද්දේ අකරතැබ්බයක්

Tuesday, March 18, 2014

ශ්‍රී ලංකීය සම්භවයක් තියෙන ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිණියක්නේ ජැක්ලීන් ෆර්නැන්ඩස්  කියන්නේ‍.

ඉතින් ජැක්ලීන් මේ දවස්වල  පොඩි ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නේ.

ඒ තමයි,  ජැක්ලීන් ඉන්දියාවේ රූගත වන චිත්‍රපටි  දෙකකම එක පාර වැඩ බා‍ර අරගෙන තිබීම නිසයි.

මේ අර්බුදයට ලක්වෙච්ච චිත්‍රපට දෙක තමයි. සල්මන් ඛාන් රඟපාන “කික්” චිත්‍රපටය හා රන්බීර් කපූර් රඟපාන ‍”රෝයි” යන චිත්‍රපට.

ඒ හේතුවෙන් කික් චිත්‍රපටය හා රෝයි චිත්‍රපටය රූගතකිරීම් වල  දින පිළිබඳවද ගැටලුවක් මතු වී තිබේ‍නවා.

කෙසේ වෙතත් “රෝයි” හි අධ්‍යක්ෂක වික්‍රම් සිං එහි නිෂ්පාදක වන භූෂන් කුමාර් සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ජැකලින් වෙනුවට ‍වෙනත් නිළියක් යොදාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නමුත් ජැක්ලීන් ‍එම චිත්‍රපටයෙන් ඉවත් නොකිරීමට ඔවුන් තීරණය කර ඇත.

කෙසේ  වෙතත් මෙම ගැටලුව සුහදව විසඳා ගැනීමට චිත්‍රපට දෙකේ අධ්‍යක්ෂකවරුන් මේ දිනවල  කටයුතු කරමින් සිටින බව ද සඳහන් වෙයි.






තවත් කලා පුවත්

Previous
Next Post »