Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සල්ලිකාර සිංදුකාරිගේ අළුත්ම ගණන් හිලව්

Monday, March 17, 2014
2014 වසරේ වැඩිම ආදායම් උපයන අමෙරිකානු ගායකයන් ගායිකාවන් හා කණ්ඩායම් අතර පළමුවැන්නා ලෙස ටේලර් ස්විෆ්ට් (Taylor Swift) ශ්‍රේණිගතවී තිබෙනවා. ඒ ඉකුත් වසරේදී උපයන ලද ආදායම අනුව සකස් කෙරුණු බිල්බෝර්ඩ් වර්ගීකරණයකදීයි. එම වසරේදී ඇය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 40 (රුපියල් කෝටි 520) ට ආසන්න වනවා.එයින් වැඩිම කොටසක් අැය උපයාගෙන තිබෙන්නේ ලොව පුරා පැවැත්වූ ප්‍රසංගවල ප්‍රවේශ පත්‍ර අලෙවියෙන්. ගීත ඇලබම අලෙවියෙන් හා ගීත වෙනත් ආකාරවලට අලෙවි කිරීමෙන් උපයාගන්නා ආදායම ද මෙහිදී සලකා බැලෙනවා. මෙම වර්ගීකරණයෙන් මීට පෙර අංක 01 වී සිටියේ මැඩෝනා (Madona) යි. එහෙත් මෙවර පළමු 19 දෙනා අතරට හෝ පිවිසීමට මැඩොනාට හැකි වී නැහැ.
ටේලර් ස්විෆ්ට් (Taylor Swift) ට පසුපසින් මෙවර දෙවැන්නා වී සිටින්නේ කෙනී චෙස්නි (Kenny Chesney). ජස්ටින් ටින්බර්ලේක් (Justin Timberlake) තුන්වන ස්ථානයේ ද බොන් ජෝවි (Bon Jovi) හතරවන ස්ථානයේ ද පසුවනවා. පස්වන ස්ථානය හිමිව තිබෙන්නේ ද රෝලිං ස්ටොන් (The Rolling Stone) සංගීත කණ්ඩායමටයි. බියොන්සේ (Beyonce) මෙම වර්ගීකරණයේ හයවන ස්ථානයේ ද ම්ර්රූන් 5 (Maroon 5) හත්වන ස්ථානයේ සහ ලූක් බ්‍රයන් (Luke Bryan) අටවන ස්ථානයේ ද පසුවනවා. 2014 වසරේ වැඩිම ආදායම් උපයන අමෙරිකානු ගායකයන් ගායිකාවන් හා කණ්ඩායම් අතර නවවැන්නා වී සිටින්නේ පින්ක් (Pink). ෆ්ලීට්වුඩ් මැක් (Fleetwood Mac) දහවැන්නා වී සිටිනවා. ඔවුන් එකිනෙකාගේ ඉකුත් වසරේ ආදායම පහත පරිදීයි.

කෙනී චෙසිනි (Kenny Chesney)     - අමෙරිකානු ඩොලර් මිලියන 32









ජස්ටින් ටින්බර්ලේක් (Justin Timberlake)  - අමෙරිකානු ඩොලර් මිලියන 31






බොන් ජෝවි (Bon Jovi)               - අමෙරිකානු ඩොලර් මිලියන 29









ද රෝලිං ස්ටොන් (The Rolling Stone)           -           අමෙරිකානු ඩොලර් මිලියන 26








බියොන්සේ (Beyonce)                           - අමෙරිකානු ඩොලර් මිලියන 24

















ම්ර්රූන් 5 (Maroon 5)                                   - අමෙරිකානු ඩොලර් මිලියන 22





ලූක් බ්‍රයන් (Luke Bryan)               - අමෙරිකානු ඩොලර් මිලියන 21









පින්ක් (Pink)                                                 - අමෙරිකානු ඩොලර් මිලියන 20













ෆ්ලීට්වුඩ් මැක් (Fleetwood Mac)     - අමෙරිකානු ඩොලර් මිලියන 19

තවත් කලා පුවත්

Previous
Next Post »