Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලේඩි ගාගා ගීත ගයමින් වමනය නායි

Monday, March 17, 2014
අමුතු ඇදුම් සදහාත් අමුතු රංගනයන් සදහාත් ජනප්‍රිය වී සිටින ලේඩි ගගා එවැනි තවත් ඉදිරිපත්කිරීමක් කරමින් ලොව පුරා කථාබහට ලක්ව සිටිනවා. ඇය මෙම ඉදිරිපත් කිරීම කළේ South By Soth West නමැති සංගීත ප්‍රසංගයේදීයි. එහිදී Swine (ඌරා) නමැති ගීතය ගායනා කරමින් ලේඩි ගගා Drums (ඩ්‍රම්ස්) වාදනය කරමින් සිය සහයිකාවක වන මිලී වේදිකාවට කැදවාගත්තා. ලේඩි ගාගා දිගටම Drums (ඩ්‍රම්ස්) වාදනය කරමින් සිය ගීතය ගායනා කරද්දි මිලි කොළ පැහැති කිසියම් දියරයක් පානය කළ අතර පසුව සිය අතැඟිලි මුව තුළට දම දමා මුලින් පානය කළ දියරය වමනය කිරීමට පටන් ගත්තා. තවත් විශේෂත්වයක් වූයේ මිලී එලෙස වමනය කළේ ලේඩි ගාගාගේ අඩනිරුවත් පපු ප්‍රෙද්ශයට වීමයි. ඇතැම අය එදෙස බලා සිටියේ පිළිකුලෙන් උවත් ලේඩි ගාගා නම් තව තවත් උනන්දුවෙන් සිය වාදනය හා ගායනය ඉදිරිපත් කළේ. එම ඉදිරිපත් කිරීම පුරාම රාගික බවක්ද මිශ්‍රවී තිබුණා.


තවත් කලා පුවත්

Previous
Next Post »