Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බෝගම්බර කුරුටු ගීත ලස්සනයි

Thursday, March 20, 2014
වසර ගණනාවක් පැරණි හා එම වසර ගණනාව පුරාම වරදකරුවන්ට දඬුවම් සෙවනක් වූ බෝගම්බර බන්ධනාගාරය දැන් එතැන නැහැත ඉකුත්දා එය වසාදමා වෙනත් තැනකට රැගෙන ගියා. ඒ සමග මෙතෙක් එය නොදුටු නිවැරදි මිනිසුන්ට ඊට ඇතුලු වන්නත් එහි ඇතුලත දැක බලා ගන්නත් අවස්ථාවක් උදාවුණා. ඒ අනුව "කලාපූර්" අපේ කණ්ඩායමක්ද එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ඇතැම් සිර මැදිරවල බිත්ති මත එහිදී අප දුටුවේ හරි අපූරු කවිපද සමහරක්. වරදකරුවන් නොවුනානම් ඔවුන් කෙතරම් අගනා කවීන් හෝ ගේය පද රචකයන් වේද ? "සිරකරුවෝත් මනුෂ්‍යයෝය" තවත් විටෙක අපට එසේද සිතුණා.

පහත දැක්වෙන්නේ සිර මැදිරවල බිත්ති මත ලියැවී තිබූ එවැනි කවි පද සමරක්.

බලන බලන හැම අතකම කඳු වැටිය
බහිරව කන්දේ බුදුරුව නුවරට  සිරිය
බෝගම්බර සිපිරි ගෙට කොටුවී විදනා සිරිය
අද අවසන් හුසුම හෙලයි බෝගම්බර සිපිරි ගෙය


සිපිරි ගෙදර හුදෙකලාව මට දැන් හුරුවෙලා
දිවා රැයේ කල් ගෙවනවා කුටියක් තනි වෙලා
මගේ සිහින හැම දෙයක්ම බිතු සිතුවම් වෙලා
දිවි ඇති තෙක් සිපිරි ගෙදර බත් කන්නට වෙලා


කුඩාකලම මව් සෙනෙහස දුරස් විය
අයාලයේ නොසිතූ ලෙස දිවි ගමන ගිය
හොඳ නරක මිතුරන් ඇසුරේ සිටිය
අවසානයේ සිර කුටියම උරුම විය


සිපිරි ගෙදර හුදෙකලාව මට දැන් හුරුවෙලා
දිවා රැුයේ කල් ගෙවනවා කුටියක් තනි වෙලා
මගේ සිහින හැම දෙයක්ම බිතු සිතුවම් වෙලා
දිවි ඇති තෙක් සිපිරි ගෙදර බත් කන්නට වෙලා


අන්සතු වෙලා සිටියත් ඇය හැමදාම
දුකින් පිරුණු ජීවිතයක මම මෙහෙම
හිතට දුකක් දැනුනා ඇය මියයාම
හිත හැඬුවා මට නොඳැනිම මුලු රෑම


තිදෙනාම එකෙකි
වැරදි කරන්නේ මිනිසාය
දඬුවම් දෙන්නෙත් මිනිසාය
දඬුවම් විදින්නේ මිනිසාය
මිනිසට මිනිස්කම දැන් අමතක ද ?

සල්ලිත් නැහැ, සනීපත් නැහැ
ළග සිටි යාළුවොත් නැහැ
සෙවනැල්ල උවද ළගම සිටින්නේ
ආලෝකයේදී පමණි

සිනාසෙන්න බැහැ කඳුලැලි හැලෙන නිසා
අඩන්නට බැහැ යාළුවෝ සිනහාවෙන නිසා
කියන්නට බැහැ කවුරුත් අහන්නේ නොමැති නිසා
ලියන්නම් මෙමන් අසරණ අම්මා ගැනම සිතා









තවත් කලා පුවත්

Previous
Next Post »