Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රොෂාන් - කුෂි ආදර කතාව

Friday, March 21, 2014


ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පුද්ගලික ඡිවිතය කෙතරමි හංගාගෙන ඉන්න හැදුවත් ඒවා කොහෙන් හෝ එළිවෙනවා. එහෙත් පෙම්වතියක් නැ කියමින් හිටි  රොෂාන් රණවනත් රහසේම අවුරුදු  11 ක් තිස්සේ පෙම්වතියක් ඇසුරුකළ බව කවුරුත් දැන සිටියේ නෑ. ජනප්‍රිය සිනමා නළු රොෂාන් රණවන ඔහු විසින්ම පුවත්පත් වලට හෙළිකරන තුරු එය රහසක් හැටියටම පැවතුණා. ඇගේ නම කුෂී ප්‍රනාන්දු.රොෂාන්පුවත්පත් වලට කියා තිබුනේ මේ විදියට.
“ඔව් මම ප්‍රේමවන්තයෙක්, හැබැයි මේක හදිස්සියේ ඇතිවුන ප්‍රේමයක්නම් නෙවෙයි. අපේ ප්‍රේම කතාවට අවුරුදු ගානක ඉතිහාසයක් තියෙනවා.මගේ පෙම්වතිය කැමතිනැ මාධ්‍යයට කියලා වැඩිපුර අවධානයක් ලැබෙනවට. අපේ පෙම් කතාව අවුරුදු  11 ක්   වෙනවා. මම නළුවෙක් වුනාට එයාගෙ කිසිම විරුද්දත්වයක් නැහැ. එයා දන්නවා මම නිළියන්ට පෙම් කරන්නෙ තිරයේ විතරයි කියලා.එයා මාව 100% ක් විශවාස කරලයි තියෙන්නෙ. මම එ විශවාසය පළුදු වෙන විදියට වැඩ කරලත් නැහැ. ඇය පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන කෙනෙක්. ඔයිට වඩා විස්තරනම් කියන්න බැහැ.“
බොහෝ දෙනෙක් රොෂාන්ගේ තිරයේ පෙම්වතිය වුණ පූජාව ඔහුට ජෝඩු කලත් පූජා කුෂීගෙත් හොද මිතුරියක් බවයි ආරංචිය. ඔවුන් එකට සිටි ඡායාරූපත් දැන් පළව තිබෙනවා.








තවත් කලා පුවත්

Previous
Next Post »