Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

2014 රාජ්‍ය නාට්‍ය උළලේ සම්මාන ලාභීන්

Saturday, March 22, 2014
2014 රාජ්‍ය නාට්‍ය උළලේ සම්මාන ප්‍රදානය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ රාත‍්‍රී සිදුකෙරුණා. ඒ සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පරාක‍්‍රම නිරිඇල්ලගේ ‘‘හුණුවටයේ කථාව’’ හොඳම නාට්‍ය ලෙස  එහිදී සම්මාන ලැබුවා. හොඳම අධ්‍යක්‍ෂකවරයා ලෙස සම්මානයට පාත‍්‍රවුයේද ‘‘හුණුවටයේ කථාව’’ වෙනුවෙන් පරාක‍්‍රම නිරිඇල්ල මහතායි. හොඳම නළුවා ලෙස ‘‘ ආදර වස්තුව ’’ නාට්‍යයේ නවින්ගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් ශ්‍යාම් ප‍්‍රනාන්දු සම්මානයට පාත‍්‍රවුණා. හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ ‘‘ චේගුවේරා ’’ නාට්‍යයේ ජුලියා කෝට්ස්ගේ චරිතය නිරූපණය කළ ගයනි ගිසන්තිකායි. 
දිගු නාට්‍ය 13ක් සහ කෙටි නාට්‍ය 15ක් මෙම  නාට්‍ය උළලේ අවසන් වටය නියෝජනය කළා. 

තවත් කලා පුවත්

Previous
Next Post »