Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මුතු තරංගාට චෝදනා පත්‍රයක්

Wednesday, March 19, 2014
නිරූපිකාවක් ලෙසත් පසුව රංගන ශිල්පිනියක් ලෙසත ජනප්‍රිය වූ මුතු තරංගා දැන් දැන් ගීත ගායනා කරන්නත් උත්සහයක් යෙදෙනවා. ඒ වගේම ඇය දක්ෂ නර්තන ශිල්පිණියක්. හැබැයි ඇගේ විවාහය නම් දවසින් දවස කල් යන බවයි ඇතැම් අය කියන්නේ. ඒ ඇතුලු තමන්ට එරෙහි චෝදනා පත්‍රයකට මුතු තරංගා ඉකුත්දා පිළිතුරු ලබාදුන්නා. ඒ ලංකාදීප සති අන්ත පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදීයි. පහත දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවෙන් කොටසක්.

මුතු  කියන්නේ අරමුණක් ඉලක්කයක් ඇතිව කලා ලෝකයට ආපු කෙනෙක් නෙමෙයි, දැන් ඉන්නෙත් එහෙමයි.

වැරදි චෝදනාවක්. මගේ ජීවිතයෙ හැම දවසකම හැම දෙයක් වෙනුවෙන්ම අරමුණක් ඉලක්කයක් තිබුණා. එහෙම නැතිව මම ඔහේ පාවෙලා යන කෙනෙක් නෙමෙයි. මම රඟපෑමට එක් වුණෙත් ඒ විදිහේ අරමුණකින්. රඟපාන්න එන්න කලින් මම නිරූපන ක්ෂේත්‍රයේ හිටියේ. එතන ඉද්දී තමයි රඟපෑමට කැමැත්ත  ඇති වුණේ. ඒත් මම කියන්නෙ නෑ අද වෙද්දී මගේ ඒ සියලූ අරමුණු ඉලක්ක මම සාර්ථක කරගෙන ඉන්නවා කියලා.  ඒ වගේම සතුටක් තියෙනවා යම්තාක් දුරට හරි මගේ අරමුණු ඉලක්ක සාර්ථක වෙලා තියනවා කියලා.

ඔබ අනිත් අය වගේ නෙමෙයි. ඔබේ පාඩුවෙ ඉන්න කෙනෙක් කියලා රටට පේන්න ගෙන ඉන්නවා 

මගේ ජීවිතයේ කවදාවත් මවා පෑම් නෑ. මම එහෙම මානසිකත්වයක කෙනෙක් නෙමෙයි. මට මගේ දෙමව්පියන්ගෙන් ලැබුණු උරුමයක් වෙන්නැති තමන්ගේ පාඩුවෙ ජීවත්වෙන එක. මම හැමදාම හිටියෙත් ඉන්නෙත් එහෙමයි. මගේ ඒ විදිහ ගැන මම ගැන දන්න අය හොඳින්ම දන්නවා.

ඕනම ක්ෂේත්‍රයක අය අතරේ එකමුතුවක් තියෙන්න ඕනේ. ඒත් මේ මුතු ළඟ ඒ එකමුතුකම නෑ. කිසිම කෙනෙක් එක්ක ළඟ ඇසුරක් නෑ.

ඇත්තටම මම කාත් එක්කවත් ළඟ ඇසුරක් නෑ තමයි. ඒත්  ඕන කෙනෙක් එක්ක සුහදව ඉන්න මම දන්නවා. ළඟ ඇසුරු තියාගන්නවා කියලාග අදහස්වලින් ගැලපෙන්නෙ නැති අයත් එක්ක එකතුවෙලා ඒ තුළින් අනවශ්‍ය ප්‍රශ්ණ ඔළුවේ දාගන්න මම කැමති නෑ. මම දෙබඩි ජීවිත ගත කරන්න කැමති නෑ. මගේ ඒ විදිහ එදා ඉඳලම තියන දෙයක් ඒ නිසා ඒක චෝදනාවකට ලක් කිරීම ආසාධාරණයි කියලයි මට හිතෙන්නේ.

මුතු මාධ්‍ය තුළින් කතා බහට ලක්වෙන්න කැමති කෙනෙක්. ඒ නිසා තමයි පසුගිය කාලෙ ජගත් චමිලත් එක්ක කතාබහක් ඇති කරගෙන මාධ්‍ය තුළින් මතුවෙලා පෙනෙන්න හැදුවෙ.

අනේ නෑ. මම ජගත් චමිල අයියත් එක්ක ප්‍රශ්ණයක් ඇති කරගත්තෙ නෑ. මට සිද්ධවුන අහඹු සිදුවීමක් මාධ්‍යට කිව්වා විතරයි. ඒකට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබිලා තිබුණා. මම කලා ලෝකයට ආවෙ ඒ තුළින් අනවශ්‍ය ජනප්‍රියත්වයක් ලබාගන්න අදහසින් නෙමෙයි. ඒ විදිහට ජනප්‍රියත්වයක් ලබන්න මේනියාවක් මට ඇත්තෙම නෑ.

නළුවෙකුට නිළියකට තමන් කරපු නිර්මාණ වල හොඳ සලකුණු හොඳ කඩඉම් තියනවා. ඒත් මුතුට එහෙම දේවල් නෑ.

මම රඟපාන්න චරිතයක් බාර ගනිද්දී ඒ හැම චරිතයක්ම වගේ කඩඉමක් විදිහට හිතාගෙන තමයි කටයුතු කරන්නේ. තාම මට රංගනය වෙනුවෙන් සම්මාන ලැබිලා නෑ. ඒත් මගේ රඟපෑම් සම්මාන වෙනුවෙන් නිර්දේශිත වෙලා තියෙනවා. සම්මාන බලාගෙනම ඇගයීම් බලාගෙනම නෙමෙයි රඟපාන්නේ. හොඳ දෙයක් ඒ චරිතය වෙනුවෙන් කරන අදහසිනුයි.

නිළියක් විදිහට ඒ ගමන යන්න උත්සාහ කරනවා වෙනුවට දැන් මුතුට ඕනවෙලා තියෙන්නෙ ගායිකාවක් විදිහට සංදර්ශන වේදිකාවල ගීත ගායනා කරන්නයි.

අනේ නෑ මට එහෙම චෝදනා කරන්න එපා. හැබැයි පුංචි කාලෙ ඉඳලම මගේ හිත ඇතුළෙ ලොකු හීනයක් තිබුණා ගායිකාවක් වෙන්න. ඒ නිසාම මම සංගීතයත් ඉගෙන ගත්තා. ඒත් දෛවය මාව ගායිකාවක් කරනවා වෙනුවට නිළියක් කළා. නිළියක් හරහා ගායිකාවක් වෙන්න අද මගේ උත්සාහයක් නෑ. අනෙක කිසිම වෙලාවක මාව ගායිකාවක් විදිහට හඳුන්වන්නත් එපා. මොකක්දෝ වාසනාවකට යම් තරමකින් ගීත ගායනා කරන්න පුළුවන් කට හඬක් මට තියෙන නිසා ඒ කටහඬින් ප්‍රයෝජනයක් ගන්නයි මම උත්සාහ කරන්නේ.

මුතු කියන්නෙ අනුන්ගෙ ගීත තමන්ගෙ වගේ ගායනා කරන්න හදන කෙනෙක්.

අනේ නෑ.... මම කාගෙවත් ගීත මගේ වගේ කරන කතා කරන්නෙ නෑ. ගායනයට තියෙන ආශාව නිසාග මට ලෝභ හිතෙන කාගෙ හරි ගායිකාවකගෙ ගීතයක් ගායනා කරන්න පුංචි උත්සාහයක් කරන එක විතරයි මම කරන්නේ.

මුතු කියන්නෙ විවාහය ජනප්‍රියත්වයට බාධාවක් වෙයි කියලා හිතාගෙන විවාහය දවසින් දවස කල්දාන ලිස්ට් එකේ ඉන්න තවත් කෙනෙක්.

නෑ......නෑ....... මම එහෙම කෙනෙක් නෙමෙයි. විවාහයක් සිද්ධවෙන්නත් වාසනාවක් වගේම ඒකට වෙලාවක් එන්න ඕනේ. මට හොඳ පෙම්වතෙක් ලබන්න වාසනාව ලැබුණත් විවාහ වෙන්න තාම හොඳ වෙලාව ඇවිත් නෑ. හැබැයි තාමත් මට ඉන්නෙ එදා හිටපු පෙම්වතාම තමයි. මගේ විවාහය සිද්ධවෙන්නෙත් එයා එක්කම තමයි. මම ජනප්‍රියත්වය ගැන හිතලා විවාහය කල්දාන කෙනෙක් නම් නෙමෙයි.

මුතු හොඳයි, හැබැයි ආඩම්බරයි.

බොරු බොරු, කොහෙත්ම නෑ.......


තවත් කලා පුවත්

Previous
Next Post »