Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජර්මනිය දිනද්දී ශකිරා දැමූ නැටුම

Monday, July 14, 2014
ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ 2014 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජර්මනිය සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම පැවති අවසන් මහා තරගයේදී ආජන්ටිනාව ගෝල 1  ට 0 ක් ලෙස පරාජය කරමින්. මෙම සුපිරි ක්‍රිඩා සැණකෙළිය කලා අංග රැසකින්  ද වර්ණවත් වුණා. සමාරම්භක උළෙල මෙන්ම සමාප්ති උළෙල ද පැවැත්වුණේ ජනප්‍රිය ගායන, වාදන, රංගන හා නර්තන තාරකාවන්ගේ සහභාගීත්වයෙන්. ඊයේ පැවති සමාප්ති උළලේදී වැඩිම පිරිසකගේ අවධානය දිනාගත්තේ ගායන ශිල්පිණී ශකීරාගේ ඉදිරිපත් කිරීමයි. ගිටාර් වාදක සැන්ටසා කළ ඉදිරිපත් කිරීම ද මෙහිදී කැපී පෙනුනා. ගිනිකෙළි සංදර්ශන වලින්ද අලංකාර වූ මෙම සමාප්ති උළෙල සදහා සහභාගී වූ මුළු ශිල්පීන් ගණන 1000 ට වැඩියි. පහත දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයක්. 







තවත් කලා පුවත්

Previous
Next Post »