Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හැරී පෝටර් නළුවෙක් කාන්තාරයක දී මියයයි

Sunday, July 13, 2014
සුප්‍රකට Harry Potter චිත්‍රපට මාලාවේ Fenrir Greyback නමැති වෘකයෙකුගේ (werewolf) චරිතය ඔබට මතක ද ? එම චිත්‍රපට මාලාවේ කථා තුනකදීම හමුවූ මේ චරිතය නිරූපණය කළේ ඩේව් ලෙගේනෝ (Dave Legeno) විසින්. ලෝකයම දැන සිටි ඔහු හදිසියේම කවුරුත් නොදැන මියගොස් තිබෙනවා. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කාන්තාරබද ඩෙත් වැලී (Death Valey) ප්‍රදේශයේදී පදිකයන් පිරිසක් විසින් ඊයේ ඔහුගේ සිරුර සොයාගෙන ඇතැයි සදහන්. පසුව ඔහුගේ සිරුර නගරයට රැගෙනවිත් ඇත්තේ හෙලිකොප්ටරයකින්. මෙලෙස මියයන විට ඩේව්ගේ වයස අවුරුදු 50 යි. කෙසේවෙතත් මරණයට හේතුව කිසියම් සාහසික ක්‍රියාවක් නොවන බවද ඔහු මියගොස් ඇත්තේ අධික උණුසුම හෝ හදෘයාබාධයකින් බව ද හදිසි මරණ පරීක්ෂණයෙන් හෙළවී තිබෙනවා. තවද එම මරණය සිදුව ඇත්තේ මීට සතියකට පමණ පෙරදී බවයි දැනට නිගමනය කර තිබෙන්නේ. Harry Potter චිත්‍රපටයට අමතරව Batman Begins සහ Snow White & Huntsman යන සුප්‍රකට චිත්‍රපටවලද ඩේව් චරිත නිරූපණය කළා. Snow White & Huntsman චිත්‍රපටයේ ඔහු නිරූපණය කළේ බ්‍රවුච් (Broch) ගේ චරිතයයි. ඉදිරියේදී තිරගතවීමට නියමිත The Last Knignts, Sword of Vengeance සහ Petroleum Spirit යන චිත්‍රපටවලද ඔහු රගපා තිබෙනවා. වෘත්තිීය බොක්සිං ක්‍රිඩකයෙකුද වන ඩේව් ජූඩෝ සහ මල්ලව පොර ඇතුලු තවත් සටන් ක1ම කිහිපයක්ම ප්‍රගුණ කර තිබෙනවා. මියයන තෙක්ම ඔහු ජීවත් වූයේ සිය දියණිය ද සමග එංගලන්තයේ දකුණු ප්‍රදේශයේයි.

Harry Potter චිත්‍රපටයේදී


බොක්සිං වලල්ලේදී


තවත් කලා පුවත්

Previous
Next Post »