Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හමුදා චිත්‍රපටයකට පොලීසිය හරස් වෙයි

Monday, March 30, 2015
තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ ශබ්දාගාරයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. ඒ කිසියම් චිත්‍රපටයකට හඬකවමින් තිබියදීයී. මෙම චිත‍්‍රපටයෙන් ශී‍්‍ර ලංකා හමුදාවට අපහාසයක් වන්නේ දැයි සැක පවතින බව පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා. එහි පෙනී සිටින්නේ ඉන්දීය හමුදා පිරිසක්. හඬකැවීම සිදුකර ඇත්තේ ඔවුන් ශ්‍රි ලංකාවේ හමුදා නිලධාරීන් ලෙස පෙන්වාදෙමින් බවයි පොලීසියට ලැබුණු තොරතුරු වල දැක්වෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා. හඬකැවීම සිදුකිරීමට යොදාගත් බව කියන උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහි ඇති දර්ශන විශේෂඥ පරීක්ෂණයක් සදහා මොරටු විශ්ව විද්‍යාලයට භාරදීමට නියමිතව ඇතැයිද වාර්තා වුණා.  අදාල නිර්මාණකරණයට  ඕනෑම කෙනෙකුට නිදහස ඇතත් එම නිදහස යොදා ගනිමින් ජාතික ආරක්ෂාවට හෝ රටක ගෞරවයට හෝ හානි කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවයි වැඩිදුරටත් අවධාරණය කෙරුණේ. 

තවත් කලා පුවත්

Previous
Next Post »