Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කලාකරුවෝ පිරිසක් JVP අනුර සමග කදවරු බදිති

Monday, March 30, 2015
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට කදවුරු බැද සිටින කලාකරුවන් පිළිබඳ "කලාපූර්" මීට පෙර වාර්තා කළා. මෙම කලාකරුවන් හිටපු ජනාධිපතිවරයා සමග රහසිගත සාකච්ඡාවක් ද පැවැත්වූ බවයි එහිදී අප වාර්තා කළේ. 

මේ අතර තවත් කලාකරුවන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ වටා කදවුරු බැදගෙන සිටිනවා. ඔවුන් පෙරේදා (මාර්තු 28) පස්වරුවේ කෝට්ටේ සෝලීස් ශාලාවට රැස් වුණා. මෙම රැස්වීම පැවැත්වුණේ ජනතා විමකුති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. වතුමන් ආණ්ඩුව නිවැරදි දිශාවට මෙහෙයවන්නේ කෙසේදැයි මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ජයලත් මනෝරත්න, සුනිල් පෙරේරා, ලක්ෂ්මන් විජේසේකර, දිල්හානි අශෙෘ්කමාලා සහ සෞම්‍ය ලියනගේ මීට සහභාගී වී සිටි කලාකරුවන් කිහිපදෙනෙක්.

කලාව සහ දේශපාලනය දැන් එකිනෙකින් වෙන් කළ නොහැකි තරමට එකිනෙක බැදී ඇති බවත් දවසින් දවස ඒ සම්බන්ධය ශක්තිමත් වන බව මෙම සිද්ධීන්ගෙන පෙනීයනවා. 











තවත් කලා පුවත්

Previous
Next Post »