Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ක්‍රිකට් තරගයකට හොල්මනක් ඇවිත් (Video)

Wednesday, April 01, 2015
පාසල් දෙකක් අතර ක්‍රිකට් තරගයක් පැවැත්වෙනවා.  මෙම තරගය පාසල් දෙකටම තීරණාත්මකයි. එක කණ්ඩායමක් ජයග්‍රහණය උදෙසා ඕනෑම දෙයක් කරන් සූදානම්. ඔවුන් අල්ලස් දී විනිසුරුවරුන් පවා තමන්ගේ පැත්තට හරවා ගන්නවා. අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හිතාමතාම තුවාල කරනවා. මේ අතර අසාධාරණයට ලක්වන කණ්ඩායමේ සහයට භූතාතත්මයක් පැමිණෙනවා. ඒ සමග තරගය උඩුයටිකරු වෙනවා. මේ දේ සිද්ධ වුණේ ඉන්දියාවේ. ඒ සියල්ල කැමරාවෙත් සටහන් වුණා. පහත දැක්වෙන්නේ එහි වීඩියෝවයි.

(මේ කිසිවක් ඇත්තට සිදු වූ දේවල් නම් නෙමෙය. මේක චිත්‍රපටයක දර්ශනයක්. චිත්‍රපටයේ නම "චමත්කාර්". ශාරුක් ඛාන් සහ උර්මිලා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. )


(මෙවැනි වීඩියෝවක් අද අපි ඔබට ඉදිරිපත් කරන්න හිතුවේ අද අප්‍රේල් 01 වැනිදා හින්දා. සමහර මාධ්‍ය නම් අප්‍රේල් 01දා බොරු ප්‍රවෘත්ති පළකරමින් සිය පාඨකයන් නොමග යවනවා. හැබැයි "කලාපූර්" නම් එහෙම කරන්නේ නෑ. අපි අපේ පාඨකයන්ට ගරු කරනවා. ඔවුන්ට ඇත්ත විතරක් සන්නිවේදනය කිරීමයි අපේ අපේක්ෂාව. ඒ නිසයි බොරු ප්‍රවෘත්ති පළ කිරීම වෙනුවට මෙවැනි විකට වීඩියෝවක් ඉදිරිපත් කළේ. )


තවත් කලා පුවත්

Previous
Next Post »