Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"රහල් සර 2014" - ඇසල බැති ගී ප්‍රසංගය

Sunday, July 13, 2014
ඇසල පුර පසලොස්වක පොහොය වෙනුවෙන් සංවිධාන කෙරෙන බොදු බැති ගී ප්‍රසංගයක් අද  (ජුලි 13) පැවැත්වෙනවා. ඒ තෙලවල, සිරිනිකේතාරාම පුරාණ විහාරස්ථානයේදීයි. එම විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය පලපොත සුමනානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදී ශ්‍රී රාහුල දහම් විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් මෙය මෙහෙයවනු ලබනවා. සිසු දරු දැරියන් මෙන්ම ශ්‍රී රාහුල දහම් විද්‍යාලයීය ආචර්යය මණ්ඩලය ද මෙහිදී බැති ගී ගායනා කිරීම විශේෂත්වක්. සංගීතය සපයන්නේ ද එම දහම් විද්‍යාලීය සිසු දරු දැරියන් සහ ගුරුවර ගුරුවරියන් විසින්. ජනප්‍රිය ගීත සමහරක් මෙන්ම අළුතින් නිර්මාණ කෙරුණු බැති ගී කිහිපයක් ද මීට ඇතුලත් වනවා. ප්‍රසංගය ආරම්භ වන්නේ රාත්‍රී 7 ටයි. www.kalapur.blogspot.com බ්ලොග් අඩවිය මීට මාධ්‍ය ශක්තිය ලබාදෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »