Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනුෂ්කාට කිලෝ 35 ගවුමක්

Saturday, July 12, 2014
ඉහත සිරස්තලය දකිද්දි ඔබට හිතෙන්න ඇති අනුෂ්කා මේ හදන්නේ ලෝක වාර්තාවක් පිහටුවන්නවත් ද කියලා. ඒත් ඇත්ත කථාව ඒක නෙමෙයි. කිලෝග්‍රෑම් 35 ක් බර මෙම ගවුම අනුශ්කා විසින් ඇගලා තිබෙන්නේ ලබන නෙවැම්බර් මාස 27 වනදා තිරගතවීමට නියමිත "Bombay Velvet" චිත්‍රපටය සදහායි. අනුරාග් කාශ්‍යප් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි බොහෝ රූගතකිරීම් සිදුකෙරුණේ ශ්‍රී ලංකාවේදීයි. එහි එක් දර්ශනයකදී අනුෂ්කා 60 දශකයේ නර්තන ශිල්පිණියක ලෙස රංගනයේ යෙදෙනවා. ඇය ඉහත ගවුම ඇගලා තිබෙන්නේ එකී දර්ශණය සදහායි. සම්මානනීය මෝස්තර නිරූපණ ශිල්පිණියක වන නිහාරිකා බාශින් විසින් මෙම ගවුම නිර්මාණය කර තිබෙනවා. ඒත් එහි සම්පූර්ණ පෙනුම නම් රසිකයන්ට තවමත් රහසක්. චිත්‍රපටයේ සංස්කරනය නොකළ දර්ශන කිහිපයක් පමණක් ඉකුත්දා ප්‍රසිද්ධියට පත්කෙරුණා. එහිදී ඉහත් ගවුම දකින්න ලැබෙන්නේ පිටුපසින් පමණයි. කොළ පාටින් නර්මාණ කර ඇති එහි රත්‍රං පාටින් මෝස්තර යොදා තිබෙනවා. තවද මේ සදහා යොදාගෙන ඇත්තේ වෙල්ලට් වර්ගයේ රෙදි බවයි විශ්වාස කෙරෙන්නේ. කොහොම උණත් කිලෝග්‍රෑම් 35 ක් බර මෙම ගවුම මෝස්තර කෙරෙහමි උනන්දුවක් දක්වන බොහෝදෙනා තුළ උන්මාදයක් ඇතිකරනු ඇතියි අදහස් පළවනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »