Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශලනි සමුගැනීමට සැරසෙයි

Monday, July 14, 2014
පුංචි තිරයේ මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය අතරින් බොහෝ දෙනා කැමැත්තෙන් නරඹන නිර්මාණයක් තමයි ස්වාධීන රූපවාහිනියේ "පුංචි වලව්ව". එත් මෙම ටෙලිනාට්‍ය දැන් ඉවර වෙන්න ලඟයිලු. දැන් සිදුකරන්නේ රූගත කිරීම්වල අවසන් කොටසලු. මෙම ටෙලි නාට්‍යයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන ශලනි තාරකා සිය Facebook ගිණුමේ තබන ලද සටහනක් ඒ බව සදහන්. පහත දැක්වෙන්නේ ශලනිගේ එකි Facebook සටහනයි.

"පුංචි වලව්වෙ අන්තිම ටික රූගත කරන් යනව. .
තව ටික දවසකින් පුංචි වලව්වෙ අපි ඔයාලගෙ ගෙදරින් සමුගෙන යනව..
ඒක මතක් වෙද්දි හිතට ගොඩක් දුකයි. .
පාරට බැස්සත් මග තොටෙ කොහෙ ගියත්.. පුංචි දරුවගේ ඉදල වයසක අම්මා වෙනකන් වෙනසක් නැතුව පුංචි වලව්වෙ "විහාරට" එහෙම නැත්නම් "පොඩි බබාට" ලැබෙන ආදරේ වචනෙන් කියල ඉවර කරන්න බැහැ..
ඉතින් අපි ඔයාලගෙන් සමුගත්තත් පුංචි වලව්වෙ හැමෝම හැමදාම ඔයාලගෙ හිත්වල ඉදි කියල මන් හිතනවා..
ඉතින් හැමදෙනාටම අපිව මෙච්චර කල් ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්ටිය කරල.. ඉහලින්ම පිලිගත්තට ගොඩක් ස්තූති. .
පුංචි වලව්ව වෙනුවෙන් මං..,
ශලනි තාරකා

ලූෂන් බුලත්සංහල සහ දූලීකා මාරපන ද "පුංචි වළව්වේ" රගපෑමෙන් දායක වනවා. මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ රූපවාහිනී රචනයක් වන එය අධ්‍යක්ෂණය කරන්නේ ඉරේෂ් ලොකු බණ්ඩාරයි.

"පුංචි වළව්ව" රූගත කිරීම් අතර ලබාගත් ඡායාරූ කිහිපයක්








තවත් කලා පුවත්

Previous
Next Post »