Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජර්මන් ජය සමරන්න රිහානා තනපටය පෙන්වයි

Tuesday, July 15, 2014
FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පෙරේදා (ජුලි 13) නිමාව දුටුවේ ජර්මනියට කිරුළ හිමිකර දෙමින්. ක්‍රීඩා ඉසව්වක් උණත් මෙම තරගාවලිය සම්බන්ධයෙන් ලොව ප්‍රකට රංගන, නර්තන හා ගායන තාරකාවන්ද දැඩි සේ උනන්දු වීම නිසා එය කලා ක්ෂේත්‍රයේද කථාබහට ලක්වුණා. ගායිකාවක්, රංගන ශිල්පිණියක් මෙන්ම විලාසිතා නිර්මාණ ශිල්පිණියක ද වන රිහානාත් මෙම තරගාවලිය සම්බන්ධයෙන් මුල සිටම උනන්දුවෙන් සිටි අයෙක්. එය කොතරම් ද යත් පෙරේදා පැවති අවසන් මහා තරගයේදී ජර්මනිය ජයග්‍රාහී ගෝලය වාර්තාකිරීමත් සමග ප්‍රේක්ෂකාගාරයේ සිටි රිහානා සතුටින් උදම් වී සිය උඩු කය ඇදුම (ටී ෂර්ටය) ඉවත් කර සිය තණ පටය කැමරාවට පෙන්වා තිබෙනවා. එදින මුළු රාත්‍රී කාලයම ඇය ගත කර තිබෙන්නේද ජර්මානු කණ්ඩායමේ ජය සමරමින් සාද පවත්වමින්. ජර්මානු ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට ද ගොස් ඇති රිහානා ඔවුන් සමග සහ පාපන්දු ලෝක කුසලාය සමගත් ඡායාරූප ලබාගෙන තිබෙනවා. එම ඇතැම් ඡායාරූප ඇය සිය ට්විටර් ගිණුමේද පළකර තිබීම විශේෂත්වයක්.
මෙම තරගාවලියේ සෑම තරගයක්ම පාහේ රිහානා ක්‍රීඩාංගන වලටම ගොස් සෙසු ප්‍රේක්ෂකයන් සමග නරඹනු ලැබුවා. වරින් වර ඇය විවිධ කණ්ඩායම් වලය සහය පළ කල අතර අවසන් තරගයට පෙර ඇය කියා සිටියේ තමන් ජරුමනියට ජය පතන බවයි. ජර්මනියට සහය පළකරමින් එරට ධජයේ වර්ණවලින් සැරසීගත් කාමුක (Sexy) ඡායාරූපයක් සිය ටිවිටර් ගිණුමේ ප්‍රධාන ඡායාරූපය (Profile picture) ලෙස යෙදීමටද රිහානා කටයුතු කර තිබුණා. මේ වනවිට 26 වන වියේ පසුවන ඇය දැනට පදංචිව සිටින්නේ අමෙරිකාවේ නිව්යෝක් නුවරයි.

රිහානා සිය උඩුකය ඇදුම ඔසවා තනපටය පෙන්වූ අයුරු


රිහානා ප්‍රේක්ෂකාගාරයේ සිට ඔල්වරසන් දුන් අයුරු



රිහානා ජයග්‍රාහී ක්‍රීඩකයන් සමග




රිහානා සිය ට්විටර් ගිණුමේ Profile Picture වෙනස් කර තිබූ අයුරු



තවත් කලා පුවත්

Previous
Next Post »