Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කොස්තාපල් පුංඤ්ඤසෝම පැහැරගැනේ

Tuesday, July 15, 2014
උදකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ "කොස්තාපල් පුංඤ්ඤසෝම" චිත්‍රපටයේ ව්‍යාජ පිටපත් මුදණය කර අලෙවි කල පුද්ගලයන් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උදයකාන්ත කියා සිටියේ මෙම ජාවාරම්කරුවන් 07 දෙනොගෙන් 4 දෙනෙකු අධිකරණයට  ඉදිරිපත් කර ඇති බවයි. ඇතැම් පිරිස්  "කොස්තාපල් පුංඤ්ඤසෝම" චිත්‍රපටයේ ව්‍යාජ පිටපත් අන්තර්ජාලයට ද මුදාහැර තිබෙනවා. මේ නිසා ද සිය චිත්‍රපටයට අගතියක් සිදුවන බවයි උදයකාන්ත පැවසුවේ. කලා ක්ෂේත්‍රයේ මෙවැනි බුද්ධි සොරකම් ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවලද සිදුවනවා. ඊට එරෙහිව වහ වහා කිසියම් පියවරක් ගතයුතු බවයි උදයකාන්තගේ අදහස වන්නේ.

නෙත් නිව්ස් ඇසුරෙන්

තවත් කලා පුවත්

Previous
Next Post »