Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Shreya Ghoshal Live in Concert (Photos & Video)

Sunday, March 29, 2015
ඉන්දීය ගායිකා ශ්‍රෙයා ගෝශාල් සහභාගී වූ Shreya Ghoshal Live in Concert ප්‍රසංගය ඊයේ (මාර්තු 28) කොළඹ හැව්ලොක් ක්‍රීඩංගනයේදී පැවැත්වුණා. කලින් දවස් දෙකක් විතරම හවස් කාලෙට කොළඹ හා අවට ප්‍රෙද්ශවල පැවතියේ වැසි සහිත කාලගුණයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ ඊයේ දිනයෙත් රටේ බොහෝ ප්‍රෙද්ශවලට වැසි අපේක්ෂා කරන බවයි. ඒත් පුදුමයකට වගේ මහා වැස්සක් නම් කොළඹට ඇදහැලුනේ නැහැ. දවල් දෙකේ විතර ඉදංම අදුරු කාලගුණයක් තමයි තිබ්බේ. අහස වළාකුලෙන් බරවෙලත් තිබුණා. යංතං පොදේකුත් ගියා. හැමෝම හිතුවේ දැන් වහී දැන් වහී කියලා. හැබැයි අන්තිමට හැව්ලොක් ක්‍රිඩංගනය සිසාරා ඇදහැලුණේ රසිකයන්ගේ ප්‍රීති ඝෝෂා. දැවැන්ත වේදිකාව මත ශ්‍රෙයා ගෝශාල් වගේම ශ්‍රී ලාංකික කලා ශිල්පීන් කිහිපදෙනෙකුත් ඉදිරිපත් කිරීම කළා. ශ්‍රෙයා ගෝශාල් ඉදහිට සංහල වචන එක දෙකකුත් කථාකිරීම විශෞෂත්වයක්. ඒ විතරක් නෙමෙයි ඇය රසිකයන් විමතියට පත් කරමින් සිංහල ගීතයක් ද ගායනා කළා.

ප්‍රසංගයේ ඡායාරූ කිහිපයක්........
(මෙම ඇතැම් ඡයාරූප අප වාර්තාකරුවන්ගෙනි, සෙසු ඒවා Hiru Fm වෙතින් උපුටා ගන්නා ලදී)








මෙම ප්‍රසංගය සදහා සහභාගීවීමට ශ්‍රෙයා ගෝශාල් ශ්‍රී ලංකාවට පැමිණියේ ඊයේ දහවල්. පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ලබාගත ඡායාරූප සමහරක්.











තවත් කලා පුවත්

Previous
Next Post »