Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කවුද මේ ශ්‍රෙයා ගෝශාල් ?

Saturday, March 28, 2015
ශ්‍රෙයා ගෝශාල් ගැන ශ්‍රී ලාංකික රසිකයන් මේ දිනවල වැඩියෙන් කථා කරනවා. ඊට හේතුව කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඇගේ ප්‍රසංගයයි. තවත් පැය කිිපයකින මෙම ප්‍රසංගය ආරම්භ වනවා. සමහර විට එය නැරඹීමට යාමට ඔබත් ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන ඇති. එහෙම නැතත් ඔබ ශ්‍රෙයාගේ රසිකයෙකු වෙන්න ඇති. ඒ නිසාම කවුද මේ ශ්‍රෙයා කියලා ඔබ තොරතුරු හොයනවා වෙන්න පුළුවං. 

ශ්‍රෙයා ගෝශාල් ඉපදුනේ 1984 අවුරුද්දේ මාර්තු 12 වෙනිදා. ඒ කියන්නේ දැන් ඇගේ වයස අවුරුදු 31 ක්. පුංචි කාලේ සිටම ගායනයට දක්ෂතා දැක්වූ ශ්‍රෙයා ඉන්දීය රූපවාහිනී නාලිකාවක් වන Zee Tv විසින් නිෂ්පාදනය කෙරෙන "ස රි ග ම පා" (Sa Re Ga Ma Pa) රියැලිටි තරගයට ද සහභාගී වුණා. 2000 වසරේදී එහි ශූරතාව දිනාගත්තේ ද ඇයයි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 16 ක්. 

ශ්‍රෙයා ගෝශාල් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියේ "දෙව්දාස් " (Devdas) චිත්‍රපටයෙන්. එහිදී කල සුපිරි ගායනය හේතුවෙන් ඇය හොදම පසුබිම් ගායිකාව සදහා ඉන්දීය රාජ්‍ය සම්මානය සහ Filmfare සම්මානය ද දිනාගත්තා. එතැන් පටන් ඇය ගැයී බොහෝ ගීත රසික සිත් වසග කළ ඒවායි. එම ගායනාවන් වෙනුවෙන් ද අවස්ථා කිහිපයකදීම ශ්‍රෙයා සම්මානයට පාත්‍ර වුණා. 

ශ්‍රෙයා ගෝශාල් විවාහ දිවියට එලැබියේ මීට මාසයකට පමණ පෙරයි. ඇගේ සුරතල් සත්වයා ෂර්ලොක් නමැති සුනඛයෙක්. ඉකුත් දිනවල අතිශය ජනප්‍රිය වූ අයිස් බකට් අභියොගට ද ඇය මුහුණ දුන්නා.

ශ්‍රෙයා ගෝශාල් අයිස් බකට් අභියොගට මුහුණ දුන් අවස්ථාව 


ශ්‍රෙයා ගෝශාල් ඇගේ මව සහ මිත්තණිය සමග


ශ්‍රෙයා සිය සැමියා සමග


ශ්‍රෙයා සිය සැමියා සමග සුරත් ෂර්ලොක් සමග





තවත් කලා පුවත්

Previous
Next Post »