Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ්‍රෙයා ගෝශාල් ශ්‍රී ලංකාවට පැමිණෙයි - ප්‍රසංගයට තව පැය කිහිපයයි

Saturday, March 28, 2015
මියුරු ගායනයෙන් රසික සිත් වසඟ කළ ශ්‍රෙයා ගෝශාල් (Shreya Ghoshal) මීට නොබෝ වේලාවකට පෙර ශ්‍රි ලංකාවට පැමිණියා. ඇය පිළිගැනීම සදහා ගායන ශිල්පී දුෂ්මන් වීරමන් සහ රංගන ශිල්පිණී ජානකී විජේරත්න ඇතුළු ශ්‍රී ලාංකික කලා ශිල්පීන් පිරිසක් ද එක්ව සිටි බවයි "කලාපූර්" වෙත වාර්තා වුණේ. ශ්‍රෙයා ගෝශාල් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ අද (මාර්තු 28) පස්වරුවේ කොළඹ හැව්ලොක් ක්‍රීඩංගනයේ පැවැත්වෙන Shreya Ghoshal Live in Concert ප්‍රසංගයට සහභාගී වීම සදහායි. රු. 25,000, රු. 15,000, රු. 10,000, රු. 5000 සහ රු.2000 යන වටිනාකම් සහිතව මෙම ප්‍රසංගය සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබෙනවා. මේ වෙනුවෙන් වූ පූර්ව ප්‍රචාරක පටයයි පහත දැක්වෙන්නේ.




මේ අතර Shreya Ghoshal Live in Concert ප්‍රසංගයට හැව්ලොක් ක්‍රීඩාංගනය අවට ඇති සූදානම පිළිබදව ද ල "කලාපූර්" සොයා බැලීමක් කළා. එහි ගිය අප වාර්තාකරුවන්ගේ කැමරා කාචයේ සටහන් වූ ඡායාරූප කිහිපයක් මේ.




ශ්‍රෙයා ගෝශාල් කවු ද ? විශේෂ සටහනක් තව නොබෝ වේලාවකින්...........

තවත් කලා පුවත්

Previous
Next Post »