ගයේෂාගේ Full Face විරෝධය (Video)
Full face හෙල්මට් තහනමට විරෝධය පළකරමින් මහනුවරදී ඊයේ උද්ඝෝෂණයක් පැවැත් වුණා. රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටීම විශේෂත්වයක්. උද්ඝෝෂකයන් වැඩි දෙනෙකු Full face හෙල්මට් පැළද සිටියා. ගයේෂා ද මෙම උද්ඝෝෂණයට එක්වුණේ එවැනි හෙල්මටයක් පැළදගෙනයි. සෙසු උද්ඝොෂකයන් සමග එක්ව සටන් පාඨ කියමින් ඝෝෂා කිරීමට ද ඇය පසුබට වුණේ නැහැ. ගයේෂා පෙරේර් Full face හෙල්මට් තහනමට විරෝධය පළකරමින් මීට පෙරද අවස්ථා කිහිපයකදී අදහස් පළකලා. පහත දැක්වෙන්නේ ඇය මහනුවර විරෝධයට එක්වූ අවස්ථාවයි.
EmoticonEmoticon