
අභාවප‍්‍රාප්ත වන විට දයා අල්විස් මහතා 72 වැනි වියේ පසුවුණා. ඒ මහතා දරු දෙදෙනෙකුගේ පියෙක්.
ශ‍්‍රී ලාංකේය ටෙලි නාට්‍යය ඉතිහාසයේ මුල් කාලීන නිර්මාණයක් වු ලාහිරු දහසක් හී තිර රචකයා වුයේ ද දයා අල්විස් මහතායි. එම ටෙලි නාට්‍යයේ මෙන්ම පසුකාලීනව විකාශය වු පබා, නිවටයා, හිරුට මුවාවෙන් සහ බෝඩිම වැනි ටෙලි නාට්‍යය ගණනාවක ද ඔහු රංගනයෙන් දායක වුණා.
චිත‍්‍රපට 40කට ආසන්න සංඛ්‍යාවක දයා අල්විස් මහතා රංගනයෙන් දායක වී තිබෙනවා. බඹරු ඇවිත්, අහසින් පොළවට, කොළඹ සන්නියේ, දඩයම, වීරපුරන් අප්පු, හඳයා, වසන්තයේ දවසක්, එක්ටැම්ගේ ඔහු රඟපෑ චිත‍්‍රපට කිහිපයක්. වීසිදැල, ජුලියට්ගේ භූමිකාව, ලොකු දුව, පූජා, මායා, කරුමක්කාරයෝ සහ මඩොල් දූව යන චිත‍්‍රපට ද දයා අල්විස්ගේ රංගන ප‍්‍රතිභාවන්ගෙන් හැඩවුණා.
ස්වභාව දහමේ නියමයන්ට අනුව ඔහු දිවි සැරිය නිමා කළ ද සිය රංගන කුසලතාවන්ගෙන් ඔහු තැබු මතකය රසික සිත්වල සදා නොමැකෙනු ඇති.
EmoticonEmoticon