Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රොජර්ට නොතීසි

Saturday, April 25, 2015
රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්නට කොළඹ මහේස්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ ලබන මස 8 වනදා එම අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කරමින්. අධිකරණ නියෝගයක් කඩකරමින් උද්ඝෝෂණයක් යෙදීමෙන් අධිකරණයට අපහාස කිරීම රොජර් සෙනෙවිරත්නට එරෙහි චෝදනාව වනවා. අදාළ උද්ඝෝෂණ පැවැත්වුණේ පෙරේදා (අප්‍රෙල් 23) යි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව වෙත කැදවීමට විරෝධය පළකරමින් එම කොමිෂන් සභාව ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත්වුණා.

රොජර් සෙනෙවිරත්න මහතා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුද වනවා. ඔහු ඊට තේරි පත් වුණේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකරමින්.

තවත් කලා පුවත්

Previous
Next Post »