Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පොලිස් ස්ථානයකදී නිරූපිකාවක් දූෂණය වෙයි

Friday, April 24, 2015
ඉන්දියාවේ මුම්බායි නුවර පොලිස් ස්ථානයක් තුළදී නිරූපන ශිල්පිනියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුද ඇතුළත්. මෙම අපරාධය සිදුව ඇත්තේ මීට මාසයකට පමණ පෙරදී බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

දූෂණයට ලක්වූ නිරූපන ශිල්පිනියගේ වයස අවුරුදු 29 ක්. ඉකුත් අප්‍රේල් 04 පැවති සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගි වී යළි එමින් සිටියදී සැකකරුවන් විසින් ඇය පොලිස් ජිප් රථයට නංවාගෙන පොලිස් ස්ථානයට කැටුව විත් ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වුණේ. අදාළ අපරාධය වසන් කිරීම සදහා සැකකාර පොලිස් නිලධාරීන් විසින් දූෂණයට ලක්වූ නිරූපන ශිල්පිනියට ඉන්දීය රුපියල් ලක්‍ෂ 4 කට අධික කප්පම් මුදලක් ලබාදී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත්තේ මුම්බායි පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු කෙටි පණිවිඩයක් අනුවයි. දූෂණයට ලක්වූ නිරූපන ශිල්පිනිය විසින් අදාළ කෙටි පණිවිඩය යොමුකර තිබෙනවා.


තවත් කලා පුවත්

Previous
Next Post »