Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

වෙලේ සුදා එක්ක අපි නම් නෑ..... නිළියෝ පිරිසක් මාධ්‍ය හමුවේ කියති

Wednesday, April 22, 2015
මත්කුඩු ජාවාරමෙහි ප්‍රධාන පෙළේ සැකකරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග නිළියන් කිහිපදෙනෙකු ද සම්බන්ධතා පවත්වා ඇතැයි "කලාපූර් "මීට පෙර වාර්තාකළා. කෙසේවෙතත් අදාල නිළියන් කවුරුන්දැයි අප අනාවරණ කළේ නැහැ. එසේ තිබියදී අතැම් වෙබ් අඩවි වෙලේ සුදා සමග සම්බන්ධතා පවත්වා ඇතැයි නිළියන් කිහිපදෙනෙකුගේ නම් සහ ඡායරූප ප්‍රසිද්ධ කළා. මෙම වාර්තාවන් නිවැරදි නොවන බවයි පසුව පොලීසිය කියා සිටියේ.

මේ අතර තමන් වෙලේ සුදා සමග සම්බන්ධතා නොපැවැත්වූ බව ප්‍රකාශ කිරීම සදහා නළු නිළියන් පිරිසක් රාජගිරියේ පිහිටි සවරින් හෝටලයේදී අද (අප්‍රේල් 22) මාධ්‍ය හමුවක් පැවැත්වුවා. මේ වෙනුවෙන් වූ ආරාධනා පත්‍රය මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ සේමිණී ඉද්මල්ගොඩ සහ ලෝචනා ඉමාෂිගේ නමින්. ඔවුන්ට අමතරව දිල්හානි අශෙෘ්කමාලා සහ නදීකා ගුණසේකර යන නිළියන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගීවී සිටිනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »