Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රෑ වැඩේ කළ හැටි උපේක්ෂා (පබා) ප්‍රසිද්ධියේ කථා කරයි

Wednesday, April 22, 2015
වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර කලාශිල්පීන් කිහිපදෙනෙකු ද සිටිනවා. උපේක්ෂා ස්වර්ණමාලි (පබා) සහ මාලනී ෆොන්සේකා ඔවුන්ගෙන් දෙදෙනෙක්. මේ දෙදෙනා පෙරේදා (අප්‍රේල් 20) රැය පහන් කළේ පාර්ලිමේන්තු සභා ගැඹ මධ්‍යයේයි. ඔවුන් සමග තවත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ද පාර්ලිමේන්තු සභා ගැඹ මධ්‍යයේම එදින රැය පහන් කළා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්ණ කිරීමක් සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමිර්ශන කොමිෂන් සභාව හමුවට කැදවීමට විරෝධය පළකරමින්. 

උපේක්ෂා සහ මාලනී වරෙක සැරසී සිටියේ කෙටි ජීන්ස් කලිසන් වලින්. තවත් අවස්ථාවක ඔවුන් දිග ජීන්ස් කලිසං වලිං ද සැරසී සිටියා. රැය පහන් වන තෙක් අවස්ථා කිහිපයකීම මේ දෙදෙනා මෙලෙස ඇදුම් මාරු කළ බවයි "කලාපූර්" වෙත වාර්තා වුණේ. 

විරෝධයේ යෙදී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් චිත්‍රපට බැලුවා. තවත් අය වැඩි වෙලාවක් ගත කළේ දුරකථනයෙන් හෝ ලැප්ටොප් පරිඝනක වලින් සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසරමින්.  සමහර අය හොදට පොරවගෙන නිදාගත්තා. කිහිප දෙනෙක් කාඩ් සෙල්ලම් කළා. තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ගීත ගායනා කළා. මේ අතර ඇතැම් මන්ත්‍රීවරුන් ධර්ම දේශනා පැවැත්වුවා. බෝධි පූජා ද සිදු කළා.

පාර්ලිමේන්තුවේ දී ලද මෙම අපූරු අත්දැැකීම පිළිබද "කලාපූර්" උපේක්ෂාගේ විමසා සිටියා. පහත දැක්වෙන්නේ ඊට ඇය ලබාදුන් පිළිතුරයි.

" මං හිතනනේ මේ....... (සුසුම් හෙළමින්)  ඒක ඇත්තටම මං  බලාපොරොත්තු වුණාට වඩා බොහොමත්ම වැදගත් විදිහට කෙරුණා කියලා මං විශෟවාස කරනවා. මොකද මං එක උදාහරණයක් කිව්වොත් සාමාන්‍යයෙන් අපි විශ්වාසභංග යෝජනාවක් වේවා නැත්නං මොනාහරි වෙන ඉල්ලීමක් කරන්න ලේඛනයක් අත්සන් කරන්න යනකොට කිසියම් පුද්ගයෙක් හෝ කණ්ඩායමක් හිඟාකනවා වගේ තමයි ඒකේ යෙදෙන්න ඕනේ. එත් මෙතනදී හැමොම කෝ අත්සන් ලේඛනේ කියලා හොයාගෙන් ගියා. මායි මොහන් ලාල් ග්‍රේරු සයි එකට ආවේ. අපි දෙන්නත් ආවෙම කෝ අත්සන් ලේඛනේ කියල අහගෙන."






තවත් කලා පුවත්

Previous
Next Post »