Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හරුන් ලන්ද්‍රාගේ අවසන් කටයුතු පස්වරුවේ

Tuesday, April 21, 2015
අභවප්ප්‍රාප්ත ගායන ශිල්පී හරුන් ලන්ද්‍රා මහතාගේ අවසන් කටයුතු මාදම්පිටිය මුස්ලිම් පල්ලියේදී අද පස්වරුවේ සිදුකෙරේ. පෙරවරුවේ කැලනියේ පිහිටි එම මහතාගේ නවසේ තැන්පත් කර තිබූ දේහය මීට නොබෝ වේලාවකට පෙර කොළඹ කලාබවනට රැගෙන ආවා.

කලක්තිස්සේ අසනීපව සිටි හරුන් ලන්ද්‍රා මහතා අභවප්ප්‍රාප්ත වූයේ අද අළුයමයි.  ඒ වනවිට එම මහතා 83 වන වියේ පසුවුනා.

සරල ගී ගායකයකු මෙන්ම හරුන් ලන්ද්‍රා මහතා චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ද රසික සිත් දිනාගත්තෙක්. 1953 වසරේ දී "ප්‍රේම තරගය" චිත්‍රපටයෙන් ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියා. 1997 වසරේ දී ජනාධිපති පුරෝගාමී සම්මානය ලද හරුන් ලන්ද්‍රා මහතා කලා භූෂන සම්මානයෙන් පිදුම් ලැබූවෙක්.

තවත් කලා පුවත්

Previous
Next Post »