Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

තිස්ස "හිස් ටින් එක" දෙරණට දෙයි

Wednesday, July 16, 2014
මෑතදී අතිශය ජනප්‍රිය වූ "හිස් ටින් එකක් වාගේ" ගීතය දෙරණ රූපවාහිනයට පවරා දීමට එහි පරම අයිතිකරු වූ තිස්ස නාගොඩවිතන මහතා කටයුතු කර තිබෙනවා. "මව්බිම" පුවත්පතට අදහස් දක්වමින් ඔහු කියා තිබෙන්නේ මෙතෙක් සැගවී තිබූ මෙම ගීතය හදිසියේම ජනප්‍රිය වූයේ දෙරණ නාළිකාවේ "Dream Star" වැඩසටහන නිසා බවයි. "Dream Star" කිරුළ දිනාගත් එම්.ජී ධනුෂ්ක විසින් එය ගායනා කළා. 
 "හිස් ටින් එකක් වාගේ" ගීතය මුලින් ගායනා කරන්නේ එච් ආර් ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ අල්හාජ් මොහිදීන් බෙග් යන ගායන ශිල්පීන්. 1970 දී තිරගතවූ "දැන් මතකද ?" චිත්‍රපටයේ එය ඇතුලත්ව තිබුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »