Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දිලිප් කුමාර්ගේ නිවස ජාතික උරුමයක් වෙයි

Thursday, July 17, 2014
බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන දිලිප් කුමාර් කුඩා කළ ජීවත්වූ  පකිස්ථානයේ පෙෂාවර්හි පිහිටි නිවස එරට රජය විසින් ජාතික උරුමයක් ලෙස නම් කර තිබෙනවා.  එම නිවසේ කෞතුකාගාරයක් සහ දිලිප් කුමාර්ගේ චිත්‍රපට ඇතුලත් ශ්‍රව්‍ය දෘශ්‍ය පුස්තකාලයක් සකස් කිරීමයි ඔවුන්ගේ සැලැසුම වී තිබෙන්නේ. තවද එහි විවෘති කිරීමේ උත්සවයට දිලිප් කුමාර්ට ද ආරාධනා කිරීමට පකිස්ථාන රජය අදහස් කර තිබෙනවා. ඉන්දියාව සමග ඇති හොඳ හිත තවත් ශක්තිමත් කරගැනීම මෙයින් අපේක්ෂිතයි.
1922 දී උපන් දිලිප් කුමාර් මේවන විට 92 වන වියේ පසුවනවා. එහුගේ මුල් නම වී ඇත්තේ මොහොමද් යූසුෆ් ඛාන්. ඉන්දියාවට පැමිණ බොලිවුඩ් සිනමාවට එක්වීමෙන් පසු දිලිප් කුමාර් ලෙස ඔහු සිය නම වෙනස් කරගෙන තිබෙනවා.  

තවත් කලා පුවත්

Previous
Next Post »