Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"ඔෂීන්" සිංහල චිත්‍රපටයකට

Wednesday, July 16, 2014
ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය වූ "ඔෂීන්" ටෙලි කථා මාලාවේ  ";තරුණ ඔෂීන්" ගේ චරිතය නිරූපණය කළ ජපාන රංගන ශිල්පිණිය ශ්‍රී ලාංකික සංහල චිත්‍රපටයක් සදහා රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම චිත්‍රපටය සුමිත්‍රා රාහුබද්ධගේ සම්මානනීය නවකථාවක් වන "කන්දක් සේමා" ඇසුරෙන් නිර්මාණ වන්නක්. ජපානයේ ප්‍රකට සිනමාවේදියෙකු වන Tao Nashimoto ද එහි රංගනයෙන් දායක වනවා. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ නිරෝෂා පෙරේරා විසින්. අශෝක අතාවුදහෙට්ටි විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනවා.
"කන්දක් සේමා" යනු ජපානය පසුබිම් කර ලියැවුණු නවකථාවක්. මැදවියේ ජපන් පුරුෂයකු සමඟ විවාහ වී ජපානයට යන ශ්‍රී ලාංකිකක යුවතියක් මුහුණ දෙන විවිධ අත්දැකීම් ඇසුරෙන් එය රචනා වී තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »