Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ප්‍රියංකාගේ අළුත්ම පෙනුම

Wednesday, July 16, 2014
බොලිවුඩ් රංගන ශිල්පිණී ප්‍රියංකා චොප්රා බොක්සිං ශූරියකගේ චරිතයක් නිරූපණය කර තිබෙනවා. ඒ සංජේ ලීලා බන්සාලි විසින් නිෂාදනය කළ ඔමාග් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද Marry Kom චිත්‍රපටයේයි. ඉන්දියාවෙන් බිහිවූ බොක්සිං ශුරියකගේ චරිතය ඇසුරෙන් නිර්මාණ කර ඇති මෙම චිත්‍රපටය ලබන සැප්තැම්බර් 05 වනදා තිරගතකිරීමට නියමිතව තිබෙනවා. එහිදී ප්‍රියංකාගේ පෙනුම දැක්වෙන ඡායාරූපයක් ඉකුත්දා ප්‍රසිද්ධියට පත්වූ අතර ප්‍රියංකා සිය ට්විටර් ගිණුමේද   එම ඡායාරූපය සටහන් කළා. ඒ සමග ඇගේ නව පෙනුම සම්බන්ධයෙන් ලොකු කථාබහත් ඇතිවී තිබෙනවා. විශේෂත්වක් වන්නේ රසිකයන් හා චිත්‍රපට විචාරකයන් මෙන්ම බොලිවුඩයේ සෙසු රංගන ශිල්පිණියන් හා රංගන ශිල්පිීන් ද ඒ ගැන විවිධ අදහස් පළ කර තිබීමයි. අදාල ඡායාරූපය සහ ඒ සම්බන්ධයෙන් පළවූ අදහස් කිහිපයක් පහත දැක්වෙනවා.







තවත් කලා පුවත්

Previous
Next Post »