Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බර උසුලන රූ රැජිණක්

Thursday, July 24, 2014
රූ රැජිණක් බර උසුලන ක්‍රිඩිකාවක් ලෙස ද දක්ෂතා දක්වන බව කිවහොත් ඔබ පිළිගන්නව ද ? බර උසුලන ක්‍රිඩිකාවක් යනු වෙහෙසකාරී ව්‍යායාමවල යෙදෙන හා කාය ශක්තියෙන් වැඩි තැනැත්තියක්. එත් රූ රැජිණක් යනු මට සිලිටු හා සිය සිරුරේ සුන්දරත්වය ගැන වැඩියෙන් හිතන්නියක්. ඒ නිසා එකම තැනැත්තියකට රූ රැජිණක් මෙන්ම බර උසුලන ක්‍රීඩිකාවක් ද ලෙස දක්ෂතා දැක්වීම එතරම් පහසු කටයුත්තක් නෙමෙයි. හැබැයි බ්‍රිතාන්‍යයේ සාරා ඩේවිස් මේ පොදු මතයට අභියෝග කරන්නියක්. ඇය ඉකුත් 2012 වසරේදී Miss Leeds ලෙස බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත රූ රැජිණ තරගයකදී කිරුලු දිනාගත්තා. එ වගේම ස්කොට්ලන්තයේදී ඊයේ (ජුනි 23) ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළලේදී ඇය බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් බර ඉසිලීමේ තරග ඉසව්වට තරගවදිනවා. මෙලෙස රූ රැජිණක් හා බර ඉසිලීමේ ක්‍රිඩිකාවකට අමතරව සාරා ඩේවිස් ශාරිරික අධ්‍යපනය පිළබඳ ගුරුවරියක්ද වනවා. මේ වනවිට ඇය පසුවන්නේ 21 වන වියේයි. ඇගේ මේ අපූර්ව බහු හැකියාවන් අලලා සකස් කෙරුණු වීඩියෝවකුයි පහත දැක්වෙන්නේ.



සාරා ඩේවිස් රූ රැජිණක් ලෙස



සාරා ඩේවිස් ක්‍රීඩිකාවක් ලෙස



තවත් කලා පුවත්

Previous
Next Post »