Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ධනුකගේ ඇග උඩ නැග්ග "ගැහැණිය" කවුද ?

Thursday, July 24, 2014
ටෙලි නාට්‍ය රංගන ශිල්පී ධනුක ඩිල්ෂාන් පසුගිය දවසක බියකරු අත්දැකීමකට මුහුන දීලා. ඔහු මේ අත්දැකීමෙන් කොතරම් බියවීද යත් එදින සිට දින දෙක තුනක් යනකංම තමන් සමඟ නිදාගැනීමට පැමිණෙන්නැයි ඔහු සිය මවට ඇවිටිලි කර තිබෙනවා. ධනුක මෙතරම් බියපත් වූ සිද්ධිය කුමක්දැයි දැනගැනීමට ඔබත් කැමති ඇති. 
ඒ කථාව පටන්ගන්නේ අදාල දවසේ රාත්‍රී 10 ට විතර ධනුක නින්දට යාමත් එක්කයි. එලෙස නින්දට ගිහිං විනාඩි 10 ක් 15 ක් විතර යද්දි තමන්ගේ සිරුර මත මොකක්දෝ ලොකු බරක් ධනුකට දැනිලා තිබෙනවා. ඒ වෙලාවේ ඇස් පියාගෙන හිටියත් එතරම් නින්දක් නම් නොතිබූ බවයි ධනුක කියන්නේ. කොහොම හරි ඔහු යාංතමට ඇස් ඇරලා බලලා තියෙනවා. ඒ වෙලාවේ ඔහු දැක තියෙන්නේ කිසියම් ගැහැණියක් සිය ඇඟ උඩ නැඟගෙන තමන්ගේ මුහුණට එබීගෙන සිටින අයුරුයි. ඒත එම ගැහැණිය කවුදැයි හරියටම හදුනාගැනීමට නොහැකි වූ බවයි ධනුක කියන්නේ. ක්ෂණයකින් ඇය නොපෙනී ගිය බව ද ඔහු කියා සිටියා. මෙයින් බියපත් වූ ධනුක කෑගහන්න උත්සහ කරලා. ඒත් බැරි වෙලා. කෑ ගැහුවට වචන පිටවුණේ නෑලු. ඊළඟට ඔහු ඇදෙන් නැගිටින්න උත්සහ කරලා. ඒකත් අමාරු උණාලු. හරියට තමන්ගේ අත් පා බැද තිබුණා වගේලු. කොහොම හරි ලිස්සලා වගේ ඇදෙන් බැසගත් බවත් බඩගාගෙන වගේ අම්මගේ කාමරේට ගිහිං කෙදිරිගාමින් වගේ හරිම අමාරුවෙන් ඇයට කථාකිරීමට උත්සහ කළ බවත් ධනුක කිව්වා. ඒ වෙලාවේ ඔහුට අම්මට කියන්න ඕන වෙලා තිබුණේ තමන් සමඟ නිදාගන්න එන්න කියලලු. ඒ කියලා ආයෙත් අමාරුවෙන් දණගාගෙන වගේ ධනුක තමන්ගේ කාමරේට ඇවිල්ලා. එහිදී ඔහු දැකලා තියෙන්නේ ඊටත් වඩා බය හිතෙන දෙයක්. ඔහු ඇද උඩ නිදාගෙන හිටියලු. ඒත් එක්කම ගැස්සිලා තමන් ආයෙත් ඇදෙන් නැගිට්ට බවයි ධනුක කියන්නේ. එවර පහසුවෙන් ඇදෙන් බැසගත් බවත් හදවතත් මුළු ඇගමත් වෙව්ලමින් තිබූ බවත් ඔහු කිව්වා. ඉතිං ආපහු සැරයක් අම්මාගේ කාමරේට ගිය ධනුක තමන් සමඟ නිදාගන්න එන්නැයි අම්මව තමන්ගේ කාමරයට එක්කං ඇවිත් තියෙනවා. කොහොම උණත් මේ දැකපු දෙයි අග මුල මොකක්ද කියල නං තාමත් තමන්ට ප්‍රෙහෙලිකාවක් බවයි ධනුක කියන්නේ. හැබැයි ඒක සිහිනයක් නෙමෙයි කියල නං හොදටම විශ්වාස බව ද ඔහු කිව්වා.

තවත් කලා පුවත්

Previous
Next Post »